අධිවේගී මාර්ගය අසල ලඳු කැලෑවක මළ සිරුරක් හමුවෙයි

කඩවත ගනේමුල්ල පාරේ අධිවේගී මාර්ගයට ආසන්න ලදු කැළෑවක තිබී අද (15) උදෑසන නාඳුනන පුද්ගල මළසිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

අඩක් පිළිස්සී ගිය පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් ලෙස මෙය හඳුනා ගෙන ති‌බෙයි.

ඊයේ (14) රාත්‍රී 8ට පමණ මෙම ස්ථානයේ ගින්නක් හටගෙන තිබූ බවත් ඒ මොහොතේ මෙම පුද්ගලයා මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවත් පොලීසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.