බොරළුගොඩ කර්මාන්ත පුරයේ කුරුඳු කර්මාන්තශාලාවක ගින්නක්

හොරණ බොරළුගොඩ කර්මාන්ත පුරයේ කුරුඳු කර්මාන්තශාලාවක ගින්නක් හටගත් බව හොරණ පොලීසිය කියයි.

ඇතිවූ එම ගින්න එම කර්මාන්තශාලාවේ ගබඩාවට හා රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබෙන ගබඩාවකට පැතිර ගොස් ඇති බව පොලීසිය කියයි.

ගින්න නිවීම සඳහා හොරණ සහ කළුතර නගර සභාවල්වල ගිනි රථ ගෙන්වූ බවත් පොලීසිය සඳහන් කරයි. මේ වන විට එහි ගොඩනැගිලි දෙකක්ම සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ද තවත් ගොඩනැගිල්ලක් කරා ගින්න පැතිරිමින් පවතින බව ද පෙන්වා දෙයි. තුවාල ලැබූ ගිනි නිවන නිලධාරියකු හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇත. ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ