එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුඵවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවට ප්රතිලාභ රැසක් ද අත්කර දෙමින් ඊයේ (13) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළින් නැවත පැමිණියේය.
ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන ආරක්ෂණ සහ ප්‍රවර්ධන ගිවිසුමකට ද අත්සන් තැබිණි. මෙම සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා පසුගියදා (10) දිවයිනෙන් පිටත්ව ගිය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරය සඳහා එක්විය.
මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එමඟින් දෙරට අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගිතාව වර්ධනය කර ගැනීමට හැකි විය. පාකිස්තාන අගමැති ෂබාෂ් ෂරීෆ්, බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්, කුවේට් අගමැති ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහ්මඩ් අල්- සබා මහත්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ගණනාවක් සමඟ ද මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා පැවැත්විය. 2025 ලෝක රාජ්‍ය සමුළුව ජනාධිපතිවරයා විසින් පෙරේදා (12) පස්වරුවේ අමතන ලදී. ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, බලශක්ති, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල විධායක නිලධාරීන් ගණනාවක් සමඟ ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේදී සාකච්ඡා පැවැත්විය.
මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහතා ද එක්විය.
උපාලි කරුණාරත්න