අද(14) දින පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට ව්‍යාජ පුවතක් සංසරණයවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ව්‍යාජ ලෙස සැකසූ අධ්‍යාපන අමාත්‍යංශ ලිපි ශිර්ෂයක් යටතේ, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ යැයි හැගෙන ව්‍යාජ අත්සනකින් යුතුව අද දිවයිනේ සියළුම පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බව දන්වමින් සකසන ලද ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
එම ලිපියේ සදහන් පුවත අසත්‍ය බවත් එම ලිපිය හෝ පුවත බෙදාහැරීමෙන් වළකින ලෙසත් දැනුම් දී මහජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.