මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මහජන දිනය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් සෑම සතියකම පවත්වනු ලබන මහජන දිනය පෙරේදා (11) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්විණි.

පෙරේදා (11) දිනය පොලිස් නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් වෙන්කර තිබිණි.

මෙහිදී පොලිස් නිලධාරීන්ට තම ගැටලු සහ පැමිණිලි ඇමැතිවරයා වෙත මාර්ගගත ක්‍රමය ඔස්සේ ඍජුවම ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවූ අතර එම ගැටලු සහ පැමිණිලි සඳහා සුදුසු පියවර ගන්නා මෙන් ඇමැතිවරයා විසින් අදාළ උසස් නිලධාරීන් වෙත උපදෙස් දෙන ලදි.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.

රක්ෂණ ශ්‍රියන්ත