රජයේ Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ ලේක්හවුස් ගොඩනැඟිල්ලේ බේරේ ඇළ පිහිටි අන්තයේ ඩී.ආර්. විජයවර්ධන මාවත සහ ඕල්කට් මාවත යා කරනු ලබන මගී ගමන් පථය පිරිසිදු කිරීම ශ්‍රී ලංකා තිරසර සංවර්ධන සභාවේ මෙහෙයවීමෙන් පසුගියදා සිදුකෙරිණි. එදිනෙදා සේවයට වාර්තා කරන පිරිස්, දෙස් විදෙස් සංචාරකයින් කෙටි ගමන් මාර්ගයක් ලෙස භාවිතා කරන හා මංගල ජායාරූපකරණය, උපන්දින සැමරුම්
ජායාරූපකරණය වැනි දේ සඳහා යොදා ගැනෙන මෙම ස්ථානය වර්තමායේදී ටික්ටොක් වැනි සමාජ මාධ්‍යයන් සඳහා ද වැඩි වශයෙන් භාවිත වේ. නමුත් මෙම මංතීරුවේ දෛනික නඩත්තුව කෙරෙහි වැඩි අවධානයක් යොමු වී නැත. අනවශ්‍ය නවාතැන් ගැනීම් සඳහාත්, මත්පැන් පානය සඳහාත් භාවිත වන
මෙහි දිගුකාලයක් ඉවත් නොකළ කුණුරොඩු, මත්පැන් බෝතල් ඇතුළු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයන් වූ අතර සමහර කොටස් වල්බිහිවී තිබිණි.
තිරසර සංවර්ධන සභාවේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ චමින්ද්‍රි සපරමාදු මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව මෙම මංතීරුව පිරිසිදු කිරීමට පියවර ගත්හ. කුණුරොඩු ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා කොළඹ නගර සභාවේ කොළඹ කොටුව කොට්ඨාසය භාර දිස්ත්‍රික් ඉංජිනේරු සමිත් අමරසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ දායකත්වය ලැබුණි.
රන්මලී සෝමසිරි