මේ වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (11) ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය. ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයෙහි කර්මාන්ත 38ක් ස්ථාපිතව ඇත. මෙහි මාසික පිරිවැටුප රුපියල් මිලියන 754.75කි. මෙම කර්මාන්තපුරයේ සේවා නියුක්තිය 1841 වේ. ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව 15.1 % දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පියවර ගතයුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
කර්මාන්ත සඳහා භාණ්ඩ ආනයනය කිරීමේ දී නව බදු ප්‍රතිපත්තියක් හඳුවාදීමට පියවර ගන්නා බව ද මෙහිදී අනාවරණය කෙරිණි.
නෙරංජලා වික්‍රමසිංහ