ශ්‍රී ලංකා මහ බැංකුවේ රැකියා අවස්ථා දෙන බව පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය හා වෙනත් වෙබ්අඩවිවල පළවන ජනතාව මුළා කිරීමේ ව්‍යාජ රැකියා දැන්වීම්වලට නොරැවටෙන්නැයි මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ඉල්ලීම් කරනුයේ සිය නිල ලාංඡනය අවභාවිත කරමින් මේ දිනවල සිදු කරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් පසුවය.
රැකියා අවස්ථා දෙන බව පවසමින් ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය හා වෙනත් වෙබ්අඩවිවල සංසරණය වීම ඉහළ යෑමක් නිරීක්ෂණය වී ඇතැයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව තුන්වැනි පාර්ශ්වයක මැදිහත්වීමෙන් නොඑසේනම් සමාජ මාධ්‍ය ඔස්සේ රැකියා ඇබෑර්තු පළ නොකරන බව එම නිවේදනයෙන් අවධාරණය කර සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සියලු රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු මහ බැංකුවේ වෙබ්අඩවියේ රැකියා යටතේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් පළ කරන බව සඳහන් කරයි.
එබැවින් ජනතාව මුළා කිරීමේ අරමුණින් සිදු කරන දැන්වීම් සහ වෙනත් තොරතුරු සමාජගත කරන්නන්ට හසුනොවන ලෙස ද මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජයසිරි මුණසිංහ