පෙම්වතුන්ගේ දිනයේදී පෝලන්තයේ සත්ත්වෝද්‍යානයක අපූරු වැඩසටහනක්

සිය පෙම්වතා හෝ පෙම්වතිය හැර යෑමේ කෝපය සහ වේදනාව තුරන් කිරිමට පෙම්වතුන්ගේ දිනයේදි පෝලන්තයේ සත්ත්්වෝද්‍යානයක අපූරු වැඩසටහනක් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තමා හැර ගිය පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නමින් කැරපොත්තකු නම් කර වෙනත් සතුන්ට ආහාරයට ලබාදීමෙන් තම කෝපය සහ වේදනාව තුරන් කරගැනීමට එරට තරුණ පරපුරට එම සත්ත්්වෝද්‍යානයේ බලධාරින් කදිම අවස්ථාවක් උදා කර දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පෝලන්තයේ තරුණ පරපුර අතර ප්‍රේමය සම්බන්ධයෙන් ඇතිවන ආතතිය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන එම වැඩසටහනට එක්වන තරුණ තරුණියන් පවුම් 12ක් ගෙවා කැරපොත්තකු මිලදී ගත යුතු බවත්, එම කැරපොත්තාට තම හිටපු පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නම යොදා වෙනත් සත්ත්වයන්ට ආහාරයට ලබාදීමට අවස්ථාව ලැබෙන බවත් සත්ත්වෝද්‍යාන බලධාරීන් නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

මීට පෙර පසුගිය වසරේ පෙම්වතුන්ගේ දිනයේදී අමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ සත්ත්වෝද්‍යානයක ද එවැනිම වැඩසටහනක් ක්‍රියාත්මක තිබූ අතර, එහිදී කැරපොත්තන් ඩොලර් 10ක මුදලකට අලෙවි කර තිබූ බව වාර්තා වේ.