ජනාධිපති අනුර හා කුවේට් අගමැති අතර සාකච්ඡා-කුවේට් – ශ්‍රී ලංකා වෙ‍ෙළඳාම ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කරයි

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර වෙ‍ෙළඳාම ශක්තිමත් කිරීමට හා වෙ‍ෙළඳපොළ විවිධාංගීකරණය මෙන්ම ඒ සඳහා නව උපායමාර්ග සොයා ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් කුවේට් රාජ්‍ය අගමැති ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

කුවේට් අගමැතිවරයා හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පෙරේදා (11) දිනයේ දී මෙම හමුව පැවති අතර ලෝක රාජ්‍ය සමුඵව (2025) සහභාගී වීමට මේ දිනවල අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටී. ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන වත්මන් අවස්ථාවේ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා විභවයන් පුළුල් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමේ දී කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කුවේට් අගමැති ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතාට ස්තුතිය පළ කරන ලදි. කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් 155,000ක් පමණ සිටින අතර එයින් අමෙරිකානු ඩොලර් මිලියන 700ක විදේශ ප්‍රේෂණයක් රටට ලැබෙන බව ද එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහතා ද ජනාධිපතිවරයා සමඟින් මෙම සංචාරයට එක්ව සිටියි.

උපාලි කරුණාරත්න