ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධාන කරනු ලැබූ පළමු ජාතික තේරීම් තරගාවලියේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ඩබ්ලිව්. ඒ. මෙත්මි රසාරා විජේසූරිය කාන්තා මීටර් 10,000 ඉසව්ව තත්ත්පර 33:39:60ක කාලයකින් අවසන් කරමින් නව ජාතික වාර්තාවක් පිහිටවූවාය. ඇය විසින් බිඳ දමනු ලැබුවේ 2017 වසරේ හිරුණි විජේරත්න විසින් පිහිටුවන ලද තත්පර 33:55.04ක ජාතික වාර්තාවය.
පසුගියදා දියගම පැවැති මේ තරගාවලියේදී ඇය මීටර් 5000 කාන්තා ඉසව්ව තත්පර 16:03ක කාලයකින් නිමා කරමින් රන් පදක්කම දිනා ගැනීමට ද සමත් වූවාය.
අම්පාර ප්‍රදේශයේ පදිංචි රසාරා විජේසූරිය, කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය මඟින් පිරිනමන ක්‍රීඩා විද්‍යා කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව හදාරන දෙවන වසර විද්‍යාර්ථිෙයකි.