නවම් පොහොය දිනය හේතුවෙන් අදට (12) නියමිත විදුලි කප්පාදුව සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. පොහොය දින විදුලිය සඳහා ඉහළ ඉල්ලුමක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා ‘දිනමිණට’ පැවසීය.
අඛණ්ඩ විදුලි සැපයුම මෙම 14 වැනිදාට ප්‍රථම ලබා දීම විදුලිබල මණ්ඩලයේ ඉලක්කය බව විමලරත්න මහතා පැවසීය. අක්‍රිය වී ඇති නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුන ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සෑම උත්සාහයක්ම මේ වන විට ගනිමින් සිටින බව ද ඔහු කියා සිටියේය.
රක්ෂණ ශ්‍රියන්ත