සමාජය දෙස බලා හැදෙන්න කියනවා මිස ආණ්ඩුව කිසිදු ආකාරයකින් ජනමාධ්‍ය පාලනයට හෝ නියාමනයට මැදිහත් නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ජනතාව හිතන පතන විදිහ සහ ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය පිළිබඳව අදහසක් සහිතව ස්වයං පාලනයක් හා නියාමනයක් ඇතිකර ගන්නා ලෙස මාධ්‍ය ආයතන වලින් හා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලන බව ද ඒ මහතා කීය.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එසේ පැවසුවේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.
“ ස්වයං පාලනයක් ඇතිකර ගැනීම තමයි වටින දේ. මාධ්‍ය සම්බන්ධව නීතිරීති පනවා නියාමනය කරන්න ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නැහැ. අපිට ඕන හැම තොරතුරක්ම ජනතාවට යන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්නයි. සත්‍ය හා නිවැරැදි තොරතුරු ජනතාව දැනගත යුතුයි. සත්‍ය හා නිවැරැදි තොරතුරු ජනතාව අතරට යනවා නම් ජනතාව තුළ අප ගැන තිබෙන විශ්වාසය වැඩිවන බව අපි දන්නවා. මාධ්‍ය ආයතන එකක් දෙකක් වෙනත් වෙනත් ව්‍යාපරික හා දේශපාලන අරමුණු සහිතව වැඩ කරනවා. ඒ ආයතනවල වැඩ කරන ජනමාධවේදීනුත් ඒවට එකඟ නැති බව අපි දන්නවා. අපි මාධ්‍ය ආයතනවලට කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. ඔබ මේ සමාජය දෙස බලා හැදෙන්න කියලා තමයි කියන්නේ. “
අසේල කුරුළුවංශ