බී ලූනු වගාව විල්ගමුවට-මිනිපේට හඳුන්වාදීමට පියවර

දඹුල්ල, බකමූණ ප්‍රදේශවල පමණක් දැනට ව්‍යාප්ත බී ලූනු වගාව මහවැලි ඊ කලාපයට අයත් විල්ගමුව, මිනිපේ කොට්ඨාසවලට හඳුන්වා දීමට මහවැලි අධිකාරිය පියවර ගෙන ඇත.

මේ යටතේ බී ලූනු භෝග පිළිබඳ සායනයක් මහඉලුප්පල්ලම බීජ පර්යේෂණායතනයේ කෘෂි විද්‍යාඥයන් විසින් පසුගියදා විල්ගමුව, උල්පතගම, හදගනාව ආදී ප්‍රදේශවල ගොවීන් සහභාගි කර ගනිමින් පවත්වන ලදි. වැඩි ආර්ථික වාසියක් ගත හැකි බී ලූනු වගාව ඉදිරි දෙවසරක කාලයේදී මහවැලි කලාපවල ව්‍යාප්ත කරලීම මහවැලි අධිකාරියේ බලාපොරොත්තුවයි.