මෙරට 77 වැනි නිදහස් දින සංවත්සරය තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පසුගිය 04 වැනිදා පැවැති අතර, එහිදී බහු ආගමික වතාවත් සිදු කෙරිණි.
එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්, තුර්කියේ ශ්‍රී ලංකාව සඳහා වන කොන්සල්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
අනතුරුව මේ වසරේ වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්රයේ ද්වි-පාර්ශ්වික සහයෝගීතාව ඇතිව රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමේ උත්සවයක් තුර්කියේ ජාතික අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති Celile Eren Ökten මහත්මියගේ ප්‍රධානත්වයෙන් අන්කාරාහි මිමි හෝටලයේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ශක්තිමත් සහ චිරස්ථායි රාජ්‍යතාන්ත්‍රික හවුල්කාරිත්වය අවධාරණය විය.
ආර්ථික ප්‍රකෘතිය සහ ස්ථාවරත්වය කරා යෑමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය එහිදී අවධාරණය කළාය.
මේ අවස්ථාවට තුර්කි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික සාමාජිකයන්, තුර්කි ශාස්ත්‍රීය හා ව්‍යාපාරික ප්‍රධානීන් ඇතුළු කලා හා සංස්කෘතිය නියෝජනය කරන 350කට අධික පිරිසක් සහභාගී වූහ.