පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාව තුළ ඇතිව තිබෙන සමාජ විරෝධය නැති කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන පෞද්ගලික යෝජනාව ඉදිරිපත් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ දී පසුගියදා (07) පැවසීය. සමාජය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෙරෙහි තිබෙන විශ්වාසය වැඩි කිරීමේ අරමුණ ද මෙම යෝජනාව තුළ තිබෙන බව මන්ත්‍රීවරයා පැවසුවේය.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය. සමාජය තුළින් කොහොමද මන්ත්‍රීවරු මීට වඩා රැකවරණයක් ලබාගෙන කටයුතු කරන්නේ කියන අදහස මේ යෝජනාව තුළ තිබෙනවා. ප්‍රථමයෙන්ම යම් දේශපාලන පක්ෂයක් යම් මතයක් දරලා සමාජයේ මේක ද්‍රෝහිකමකට පත් කරලා. ඒ විරෝධය ඇති කිරීමට කටයුතු කර තිබෙන නිසා අද මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය ඉතාම හීන වෙලා තිබෙනවා.
නැවත එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ යෝජනාව මම ඉදිරිපත් කරනවා. ජනතාවගේ සිතුම් පැතුම් තමා අපි මේ සභාව තුළ ඉදිරිපත් කරන්නේ. අපි මේක වෙනස් කළේ නැත්නම් මේක නිකං නගර සභාව බවට පත් වේවි. ඒක රටට අහිතකර තත්ත්වයක්. සමාජ විරෝධය නැති කිරීමට මම මේ යෝජනාව ඉදිරිපත් කරනවා. විශ්‍රාම වැටුප ඕනෑද කියමින් සභාව තුළ ශබ්ද කරන්න ඕන නැහැ. අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි කර එහි වටිනාකම ඉදිරියට ගෙන යා යුතුයි. මේ අවස්ථාව වන විට පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප ලබාගන්නේ 215 දෙනයි. පොඩි මුදලක් එය. නමුත් රටට පෙන්වා තිබුණේ රටේම විශ්‍රාම වැටුප ගන්නවා වගේ. වැරදි මතයක් රටට පෙන්වා තිබෙන්නේ. සිංගප්පූරුව මිලියන ගණනාවක් ගෙවන්නේ දක්ෂයන්ට. ඒවා ගැන අපි අධ්‍යයනය කළ යුතුයි.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න