ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙන් ජීව උණ්ඩයක් හමුවෙයි

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ  ගමන් මලු පථය අසළ මිලි මීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී ශ්‍රී ලංකන් භූමි සහායක සේවිකාවක විසින් සොයා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ පොලිසිය වෙත අද(10)  අලුයම භාර දී තිබේ .

අද  අලුයම 03.15 ට පමණ මෙම උණ්ඩය සොයා ගෙන තිබෙයි.

ඔවුන් මෙම උණ්ඩය මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී ඇති අතර මෙම උණ්ඩය සොයා ගත් ශ්‍රී ලංකන් භූමි සහායක සේවිකාවකගෙන් ද පොලිසිය විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ .

මෙම උණ්ඩය මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සදහා රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබේ .

මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .