ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

දිවයිනේ ප්‍රදේශ 09ක වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගාල්ල, මහනුවර, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම, බදුල්ල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුර නගර, ඒ අතර වන බවයි.

ඒ අතරින් ගාල්ල කරාපිටිය, වායු ගුණාත්මකභාවය අඩුම ප්‍රදේශය වේ.

එහි වායුගුණාත්මක දර්ශක අගය ඒකක 106 ත් 114 ත් අතර අගයක පවතින බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.