ස්වීඩනයේ වෙඩි තැබීමකින් 10ක් මරුට -වෙඩික්කරුත් මිය යයි

ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරට බටහිර ප්‍රදේශයක පිහිටි සංක්‍රමණික සිසුන් සඳහා වන අධ්‍යාපන මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් වෙඩික්කරු ඇතුළු 11 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම අධ්‍යාපන මධ්‍යස්ථානය සංක්‍රමණික සිසුන්ට ස්වීඩන භාෂාව සහ වෙනත් විෂයන් උගන්වනු ලබන ස්ථානයක් වන අතර, වෙඩි තැබීම සිදුවී ඇත්තේ එදින ජාතික විභාගයකට පෙනී සිටි බොහෝ සිසුන් ආපසු නිවෙස් කරා යෑමෙන් පසුව බව ද වාර්තා වේ. එසේ වුවත් වෙඩික්කරුගේ ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ 6 දෙනකුගෙන් ඇතැම් පුද්ගලයන්ගේ තත්ත්වය බරපතළ බැවින් මියගිය ගණන තවත් ඉහළ යා හැකි බව ස්ටොක්හෝම් පොලිසිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

වෙඩි තැබීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය නොවූවද, වෙඩික්කරු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට සැක කළ හැකි තොරතුරක් නැති බව ස්ටොක්හෝම් පොලිසිය ප්‍රකාශ කර තිබේ. එම ප්‍රහාරයෙන් පසුව පොලිසිය වෙඩික්කරුගේ නිවෙස වටලා සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇති අතර, ඒ පිළිබඳ කිසිදු තොරතුරක් හෙළි කර නැති බව ද වාර්තා වේ.