කෘත්‍රිම බුද්ධි මෘදුකාංග භාවිතයෙන් ළමා අපචාර ඇතුළත් ඡායාරූප උත්පාදනය කිරීමට එරෙහිව නව නීතියක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෘත්‍රිම බුද්ධි මෘදුකාංගවලට එරෙහිව නීති හඳුන්වා දුන් ලොව පළමු රට බවට බ්‍රිතාන්‍යය පත්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. කෘත්‍රිම බුද්ධි මෘදුකාංග භාවිතයෙන් ළමා අපචාර ඡායාරූප උත්පාදනය කිරීම, බෙදාහැරීම සහ බාලවයස්කරුවන්ගේ ඡායාරූප භාවිත කරමින් ලිංගික හැසිරීම් ඇතුළත් ඡායාරූප නිර්මාණය කිරීම නව නීතිය මඟින් තහනම් කර ඇතැයි ද, එම නීතිය උල්ලංඝනය කිරීමෙන් වසර 5ක සිර දඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු ලේකම්වරිය වයිවේට් කූපර් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අන්තර්ජාලය ඔස්සේ ළමා අපචාර සහ අවභාවිතයන් සිදුවීම ඉහළ යමින් පවතින අවස්ථාවක කෘත්‍රිම බුද්ධි මෘදුකාංග භාවිතයෙන් ද එවැනි අපචාර සිදු වීම අර්බුද රැසකට හේතුවනු ඇතැයි බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.