නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම්.රණතුංග මහතා ඉල්ලා අස් වී ඇත.

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති අනුර කරුණාතිලක මහතාට ලිපියක් යොමු කරමින් පෞද්ගලික හේතුවක් මත ධුරයෙන් ඉල්ලා අස්වන බව ඒ මහතා දන්වා තිබේ.

රණතුංග මහතා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු ද වේ.