ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම්.රණතුංග මහතා ඉල්ලා අස් වී ඇත.
නාගරික සංවර්ධන හා නිවාස ඇමැති අනුර කරුණාතිලක මහතාට ලිපියක් යොමු කරමින් පෞද්ගලික හේතුවක් මත ධුරයෙන් ඉල්ලා අස්වන බව ඒ මහතා දන්වා තිබේ.
රණතුංග මහතා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු ද වේ.