2024 වසරේ උතුරුමැද පළාතේ සාමාන්‍ය පෙළ වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ විභාගය අද (03)සිට ලබන 14 වැනි දින දක්වා නැවත පැවැත්වීමට කටයුතු කර ඇති අතර රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදුකරන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථම වතාවට මේ පෙරහුරු වාර විභාගය පැවැත්වීමට කටයුතු කරන බව උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පැවසීය.පොලිස් ආරක්ෂාව යටතේ පැවැත්වෙන වාර විභාගයක් මෙන්ම මෙවර උතුරුමැද පළාතේ පැවැත්වෙන මේ විභාගයේ අනෙක් විශේෂත්වය වන්නේ පාසල් තුන්වැනි වාරය අවසන් කර තිබියදී, තුන්වැනි වාර විභාගයක් පැවැත්වීමයි.
මේ සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණය කරන ලද ප්‍රශ්න පත්‍ර දරුවන් වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන බවත් මේ වනවිට එම ප්‍රශ්නපත්‍ර
උතුරුමැද පළාතේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාල තිහක රඳවා විභාග දිනයේදී අදාළ විදුහල්පතිවරුන් වෙත පොලිස් ආරක්ෂාව යටතේ ලබාදීමට කටයුතු කරන බව ලේකම්වරයා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ ඉකුත්දා අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදීය.
පළාතේ දරුවන් 26000ක් පමණ සාමාන්‍ය පෙළ පෙරහුරු විභාගයට පෙනී සිටින බවත් ඔවුන් වෙනුවෙන් ඉතා සැලසුම්සහගතව විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවත් අනෙකුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් මේ පෙරහුරු විභාගය පැවැත්වීමට කටයුතු කරන බවත් ලේකම්වරයා කීය.
ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් වූ චූදිතයන්ට නීතිමය කටයුතු අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් ද සිදුකරමින් යන බවද පවසන ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ ඉදිරියේදී ද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හරහා වාර විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට කටයුතු කරන බවත් නිලධාරීන්ගේ සහාය ඇතිව ඉදිරියේදී පොලිස් ආරක්ෂාවකින් තොරව වාර විභාග පැවැත්වීමට හැකිවනු ඇති බවටත් තමන් විශ්වාස කරන බවයි.Ó
ඉකුත් ජනවාරි 5දා උතුමැද පළාතේ තුන්වන වාර පරීක්ෂණය ආරම්භ විය.එහිදී 11වැනි ශ්‍රේණියේ පාසල් සිසුන්ට පෙනී සිටීමට හැකිවූයේ මුල්ම දිනයේ පැවැත්වූ ආගම ප්‍රශ්න පත්‍රයට පමණි. පසුදා (6දා) පැවැත්වීමට නියමිතව තිබූ සිංහල විෂය සඳහා වූ විභාගය පැවැත්වීමට පෙර එය සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත ජනවාරි 20දා නැවත පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කළේය.
එහෙත් අඛණ්ඩව අනෙකුත් ප්‍රශ්න පත්‍ර ද සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරීම හේතුවෙන් 11වැනි ශ්‍රේණියේ තුන්වැනි වාර පරීක්ෂණය සම්පූර්ණයෙන් අත්හිටුවා නැවත නව ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර, විභාගය පැවැත්වීමට බලධාරීහු තීරණය කළහ.ඒ අනුව අද සිට පෙබරවාරි 14දා දක්වා ආගම ප්‍රශ්න පත්‍රය හැර 11 ශ්‍රේණියේ අනෙකුත් සියලු විෂයයන් පැවැත්වේ.