පවතින පොල් හිඟයට පිළියම් යෙදීම සඳහා ඉදිරි සති දෙක තුළදී පොල් ගෙඩි මද මිලියන 200ක් ආනයනය කිරීමට රජය පියවර ගන්නා බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා පවසනවා.
ඒ අනුව මේ වන විට රුපියල් 180ත් 250ත් අතර මිලක පවතින පොල් ගෙඩියක මිල රුපියල් 180-200 ක් අතර මිලකට පහත බසිනු ඇති බවයි සභාපතිවරයා සඳහන් කර සිටියේ.
පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් මෙරටට ඩොලර් මිලියන 850ක් ආදායමක් ලැබෙන බවත්, එය ඉදිරියේදී විශාල ලෙස වර්ධනය කර ගැනීම අරමුණ බවත් ශාන්ත රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.