Month February 2025

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිඛිත අනුමැතියක් නැතිව ‘මූල්‍ය’ වචනය භාවිතය එපා

ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව “මූල්‍ය” යන වචනය භාවිතා කිරීම නොකළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක්…

මහින්ද-මෛත්‍රී-ගෝඨා-රනිල් රට සවාරිවලට මිලියන 4615ක් වැය කරලා-අගමැති හරිනි මැතිසබයේදී හෙළි කරයි

ජනපති අනුරගේ මාස 5ට ‍වියදම ලක්ෂ 18යි පසුගිය වසර 15ක කාලයක් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරු විසින් විදේශ සංචාර සඳහා රුපියල් මිලියන 4615ක් වැයකර ඇතැයි පාර්ලිමේන්තුවේදී ඊයේ (27) අනාවරණය කෙරිණි. හිටපු ජනාධිපති…

අමෙරිකාවේ වසර 10කට පසු සරම්ප මරණයක්-රෝගීන් ගණනත් 140 දක්වා ඉහළට

වසර 10කට පසු අමෙරිකාවේ පළමු සරම්ප මරණය වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ටෙක්සාස් ප්‍රාන්තයේ දරුවකු සරම්ප රෝගය උත්සන්න වීමෙන් පෙරේදා ජීවිතක්ෂයට පත්වී ඇති අතර, 2015 වසරෙන් පසු එරටින් වාර්තා වූ පළමු සරම්ප මරණය එය බව අමෙරිකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව…

ලෝක මත්ස්‍ය අපනයනයෙන් ඉන්දියාව දෙවැනි තැනට

ජාත්‍යන්තර මත්ස්‍ය අපනයනයෙන් ඉන්දියාව දෙවැනි ස්ථානයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක මත්ස්‍ය වෙළෙඳපොළේ 8%ක සැපයුම්කරුවකු ලෙස ඉන්දියාව පසුගිය වසරේදී මත්ස්‍ය අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 7000ක ආදායමක් ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. වසර 2004දී අමෙරිකානු ඩොලර්…

අමෙරිකාවේ බිත්තර මිල අහස උසට

මේ වසරේදී අමෙරිකාවේ බිත්තර මිල 40% කින් ඉහළ යනු ඇතැයි එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර තුනක කාලයක සිට එරට පැතිරෙන කුරුලු උණ වයිරසය පාලනය කිරීම සඳහා කුකුලන් මිලියන 166කට වඩා ප්‍රමාණයක් මරා දැමීමට…

වවුලන්ගෙන් පැතිරෙන කොරෝනා වයිරස් තුන්දහසක් ලොව පුරා-එංගලන්තයේ මහාචාර්යවරයෙක් හෙළි කරයි

වවුලන්ගෙන් ව්‍යාප්ත වන විවිධාකාරයේ කොරෝනා වයිරස් තුන්දහසකට අධික ප්‍රමාණයක් ලොව පුරා පවතින බව එංගලන්තයේ නෝවිච් නුවර ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් හන්ටර් අනාවරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම සියලුම කොරෝනා වයිරස් වර්ගවලට මිනිස් සිරුරු තුළ රෝගකාරක වර්ධනය කිරීමේ…

වසර 11කට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන්යානය යළි සොයයි

මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 239 දෙනකු සමඟ මීට වසර 11කට පෙර අතුරුදන් වූ MH 370 මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් යළි ආරම්භ කිරීමට අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඕෂන් ඉන්ෆිනිටි නමැති සමාගමක් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදටත් අබිරහසක්…

ඔස්කාර් සම්මානලාභී නළුවා සහ බිරිය අබිරහස් ලෙස මිය ගිහින්

අමෙරිකාවේ හිටපු නළුවකු වන ඔස්කාර් සම්මානලාභී ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිය බෙට්සි ඇරකාවා නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ සැන්ටා ෆේ ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසේදි අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 95 හැවිරිදි නළුවා සහ 64 හැවිරිදි බිරිය සමඟ ඔවුන්ගේ…

ඇෆ්ගන් ප්‍රහාරයෙන් එංගලන්තය ඇදවැටෙයි

ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වූ එංගලන්ත පිල චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට ගියේය. එංගලන්ත පිල මෙවර තරගාවලියේ මුහුණදුන් ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් හමු‍වේ පරාජය වූ අතර, දකුණු අප්‍රිකාව සමඟ තරගය හෙට නියමිතව තිබුණද දැනටමත් තරගාවලියේ අවසන් පූර්ව තරගය අහිමිවී තිබේ.…

‘චියර්ලීඩර්ස්’ කෙල්ලන්ගේ පඩිය වැඩි කරයි -තරගයකදී අවම වැටුප රු. 85000ක්

මාර්තු මස 22 වැනිදා ආරම්භවන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක නර්තනයේ යෙදීම වෙනුවෙන් ‘චියර්ලීඩර්ස්’ ශිල්පිනියකට ඉන්දීය රුපියල් 25000ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 85000ක්) ගෙවීමට සූදානම් වේ. පසුගිය තරගවාරයේදී මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් එක් තරගයකට ‘චියර්ලීඩර්ස්’…