Month January 2025

බීආර්සී-ටැමිල් යූනියන් පළමු ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මෙවර තරග වාරයේ සිය පළමු ජයග්‍රහණය අත්කර ගැනීමට බීආර්සී සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජ සමත් විය. තරගාවලියේ 5 වැනි සතිය යටතේ ප්‍රබල එස්එස්සී කණ්ඩායම සමඟ බීආර්සී පිටියේ පැවති තරගය ඉනිමකින්…

ගාලු හිරගෙදර ගැටුමට හේතුව වතුර බාල්දියක්

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පෙරේදා (26) ඇති වූ ගැටුමට හේතුව ‘ වතුර බාල්දියක්’ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයේ ස්නානය කරන අවස්ථාවේදී එක් රැඳවූවකුගේ බාල්දියකින් තවත් රැඳවූවන් කිපදෙනකුගේ ඇඟට වතුර වැටීම නිසා ඇති වූ වචන හුවමාරුවක්…

නව ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාෂල් වාසු බන්දු එදිරිසිංහ

නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කර තිබේ. එළැඹෙන ජනවාරි 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි. ශ්‍රී ලංකාවේ විසිවැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල්…

දේශපාලකයන්ගේ නිලධාරීන්ගේ මාෆියා ව්‍යාපාර නැති කළ යුතුයි- ඕමල්පේ සෝභිත හිමි

දේශපාලකයන්ගේ මාෆියා ව්‍යාපාරය සහ නිලධාරීන්ගේ මාෆියා ව්‍යාපාරය යන දෙකම නැති කළ යුතු බවත්, ජනතාවට සහන දීමට මිස ජනතාවගෙන් ලාභ ලැබීමට විදුලිබල මණ්ඩලයක් පවත්වාගෙන යෑමට නොහැකි බවත් ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ නාරාහේන්පිට ශ්‍රී ලංකාරාමයේදී පැවති…

ඉල්ලුමට සරිලන සැපයුම නැතිකම දුම්රිය ටිකට් ජාවාරමට ප්‍රධාන හේතුවක්-නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ජාවාරමට බලපා තිබෙන ප්‍රබල හේතුවක් ලෙස ඉල්ලුමට සරිලන සැපයුම නොමැතිවීම හඳුනාගෙන තිබෙන බවත්, අදාළ ජාවාරම සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු කර ඉල්ලුමට සරිලන ආකාරයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත්…

කාම්බෝජය-ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ඉහළ නැංවීම කෙරෙහි අවධානය

කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් දෙරටේ අවධානය යොමුව තිබේ. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ප්‍රතීතනය කරන ලද කාම්බෝජයේ පිහිටි ශ්‍රී ලාංකික සමාගම් එරට වෙ‍ෙළඳපොළෙ අවස්ථා ගවේෂණය කිරීමට උනන්දුවක් දක්වන ව්‍යාපාර සමඟ සම්බන්ධ කිරීම සඳහා…

වන්දි ගෙව්වේ මල්ලි – නාමල් රාජපක්ෂ

පාර්ලිමේන්තුවේ කෑගසන්නේ තමා වුවත් එයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සහෝදරයාට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ඊයේ (27) මේ බව කීවේය. “රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කාලය වැය කරනවා වෙනුවට…

ගෝඨා, ඇමැති නලින්දට කිව්වේ මොකක්ද…?

දෙපැත්තේම පුටු හිස්ය. තවත් ආරාධිත අමුත්තෝ රැසක් පැමිණීමට නියමිතව සිටිති. ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය නිල නිවසේ දී පැවැති උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස අසල ආසනය හිමිවූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටය. ඔවුන් දෙදෙනා අතර…

වාහන ගෙන්වන්න ගැසට්ටුව නිකුත් කරයි

වාහන ගෙන්වීමට අදාළව අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා 1969 ආනයන අපනයන පාලක නියාමන පනත යටතේ මේ ගැසට් නිවේදනය නිකුත්…

ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීන්දුව ජනපතිට-කථානායකට

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) ප්‍රකාශ කළේය. එම පනත් කෙටුම්පත…