Month January 2025

ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන පාකිස්තානයේ සමාජ මාධ්‍යජාලයට බාධා

ත්‍රස්තවාදයට රුකුල් දෙන බවටත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවටත් සඳහන් කරමින් පාකිස්තානයේ සමාජ මාධ්‍ය ගිණුම් රැසක් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනයට ලක් කරන ඩිජිටල් නිර්මාණකරුවන් අත්අඩංගුවට ගැනීම…

චීන අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීමේ අක්‍රමිකතා විමර්ශනයට

ලොව පුරා වැඩි අවධානයක් යොමුවූ චීන අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීමේදී ෂැංහායි සහ කුන්මිංග් අතර අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ චීන දුම්රිය සමාගම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දීර්ඝ කාලයක් පුරා චීනයේ අති නවීන…

යුක්රේනය ඔස්සේ යුරෝපයට රුසියානු ගෑස් සැපයුම් ගිවිසුම අහෝසි වෙයි-යළි අලුත් නොකරන බව යුක්රේන ජනපති කියයි

යුරෝපා රටවලට ගෑස් සැපයුම් නළ මාර්ගය සඳහා සිය භූමිය භාවිත කිරීමට යුක්රේනය විසින් රුසියාව සමඟ ඇතිකරගත් දිගුකාලීන ගිවිසුම අවසන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේනය සමඟ වසර 1991 දී ඇතිකරගත් ගිවිසුම පසුගිය 25 වැනිදා අවසන් වූ බව යුරෝපයට ගෑස්…

ටික්ටොක් සමාජ මාධ්‍යයට ඩොලර් මිලියනයක දඩයක්

යොවුන් තරුණ තරුණියන් අතර මාරාන්තික අභියෝග ව්‍යාප්තවීමට හේතු වූ බවට චෝදනා කරමින් වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ටික්ටොක් සමාජ මාධ්‍යජාලයට අමෙරිකානු ඩොලර් මිලියනයක දඩයක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ එම අභියෝගවලට මුහුණදුන් නව යොවුන්…

පළමුවරට නවදිල්ලියේ සිට කාශ්මීරයට සුඛෝපභෝගී දුම්රිය සේවා 5ක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කාශ්මීරය දක්වා ඓතිහාසික දුම්රිය සේවා 5ක් අගමැති නරේන්ද්‍ර මෝදි අතින් මේ මස විවෘත වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළේය. මගීන්ගේ සුවපහසුව සැලකිල්ලට ගනිමින් නවීන පහසුකම්වලින් සමන්විත එම දුම්රිය සේවා කාශ්මීරයට නව සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට රුකුලක්…

නව වසරේ ලොව කලඹන අනාවැකි හෙළි වෙයි-ස්වාභාවික විපත් සහ පිටසක්වළ ජීවීන්ගේ ආක්‍රමණ වැඩිවෙන බවටත් අනාවැකි

උදාවූ 2025 වසරේදී යුරෝපය පුරා දරුණු ගැටුම් සිදුවන බවටත්, ලොව බටහිර බලපෑම් යටපත් කරමින් රුසියාව නැඟී සිටින බවටත් 16 වැනි සියවසේ ප්‍රංශයේ හිටපු ලොව ශ්‍රේෂ්ඨතම පේනකියන්නා වූ නොස්ට්‍රඩමස්ගේ සහ 20 වැනි සියවසේ බල්ගේරියාවේ හිටපු අන්ධ පේනකාරිනිය බාබාගේ අනාවැකි අතර ඇතැයි…

ක්‍රීඩා අමාත්‍යාංශය නව වසරේ වැඩ අරඹයි

නව වසරේ වත්මන් රජයේ Clean Sri Lanka වැඩසටහනේ නිල රාජ්‍ය උත්සවය ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ වෙද්දී එයට සමගාමීව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී නව වසරේ වැඩ කටයුතු ආරම්භ කෙරිණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ,…

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල 20 වැනිදා ශ්‍රී ලංකාවට-වසර එකහමාරකට පසු හම්බන්තොටට එක්දින තරගයක්

සංචාරක ඔස්ට්‍රේලියා පිල හා ශ්‍රී ලංකාව අතර ලබන මස 13 වැනිදා පැවැත්වෙන එකම එක්දින ජාත්‍යන්තර තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. වසර එකහමාරකට අධික කාලයක් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරග පවත්වා නැති අතර, අවසන් වරට 2023 වසරේ ජූනි මාස‍යේදී…

රග්බි නිලවරණයේදී සභාපති ධුරයට ද්වන්ද සටනක්-හිටපු සභාපති ලසිතගේ නාමයෝජනාව ප්‍රතික්ෂේපයි

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ හිටපු සභාපතිවරයකු වන රිස්ලි ඉල්යාස් සහ හිටපු විධායක කමිටු සාමාජිකයකු වන ෆසාල් මොහොමඩ් යන මහත්වරු එළැඹෙන නිලවරණයේදී සභාපති ධුරය සඳහා නාමයෝජනා භාර දී ඇතැයි වාර්තා වේ. නාමයෝජනා කැඳවීමේ අවසන් දිනය වූ පෙරේදා (31) ෆසාල් මොහොමඩ් මහතාගේ…

පැතුම් විස්සයි20 හොඳම පිතිකරුවන් 5 අබියස

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පියවර 3ක් ඉහළට එමින් 6 වැනි තැන අත්කර ගැනීමට පැතුම් නිශ්ශංක සමත්ව සිටී. විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල සිය හොඳම ස්ථානය හිමිකරගත් පැතුම් ශ්‍රේණිගත ලකුණු 715ක් ලබාගෙන ඇත්තේ සිය ශ්‍රේණිගත දිවියේ ඉහළම…