Month January 2025

මහජන ආරක්ෂක ඇමැති හදිසියේම නාරාහේන්පිට පොලිස් රෝහලට

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජයපාල මහතා පෙරේදා (01) රෝහලේ ගැටලු සහ අඩුපාඩු පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළ එතුමා ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුව දුක් ද විමසා බැලීය. රෝහලේ පවත්නා අඩුපාඩු සහ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය…

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී මැණික් පොළක් ලබන ඉරිදා

මෙරට මැණික් කර්මාන්තයේ නියැළී සිටින මැණික් ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට හමුවිය හැකි හොඳම ස්ථානයක් නිර්මාණය කරමින් මේ මස 5දා උදෑසන 10.00 සිට සවස 2.00 දක්වා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී මැණික් පොළක් පැවැත්වේ. මැණික් ක්ෂේත්‍රයේ කුමන තරාතිරමක සිටින අයකුට වුව කුඩා ප්‍රමාණයෙන්…

‘පිරිසුදු පරිසරයක්-ලස්සන ජීවිතයක්’ පළමු අදියර අද ඇරඹේ

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව කොළඹ නගරයේ නිවාස සංකීර්ණ හා අවට පරිසරය පිරිසුදු කර අලංකරණය කිරීමට ‘පිරිසුදු පරිසරයක් – ලස්සන ජීවිතයක්’ නමින් නියාමන ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙන් ආරම්භ කර තිබේ. එහි…

උසස් පෙළ දරුවන් පාසලෙන් ඈත් වීමට හේතු සෙවිය යුතුයි-අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත්, කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මඟහැරීම නතර විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…

වැස්ස අඩු වෙයි

උතුරු, උතුරු මැද, නැඟෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක් අද (03) සිට බලාපොරොත්තු වන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා පැවසීය. ඉදිරි දින කීපයේ දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත් සහ ගාල්ල,…

පුංචි ඡන්දයට ශ්‍රීලනිපය පුටුවෙන් එයි

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා පුටුව ලකුණින් තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය. නව වසරේ දේශපාලන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ…

හිටපු ජනපති රනිල් නේපාල අගමැති ෂර්මා හමුවෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාලයේ අගමැති කේ.පී. ෂර්මා ඔලි මහතා අතර හමුවක් කත්මණ්ඩු නුවරදී ඊයේ (02) සිදු විය. හිටපු ජනාධිපතිවරයා නේපාලයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටියදී මේ හමුව සිදු විය.

ගම්පහ රාජ්‍ය ආයතන රැසක දුරකතන ගොළු වෙලා

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් රාජ්‍ය ආයතනවල පොදු දුරකතනවලට ඇමතුම් ලබා දීමේදී ප්‍රතිචාර දැක්වීම නිසියාකාරයෙන් සිදු නොවන තත්ත්වයක් පවතින බවට ජනතාව චෝදනා නගති. රාජ්‍ය ආයතන බොහොමයක පොදු දුරකතනවලට ලැබෙන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීම පිණිස වෙනම කාර්ය මණ්ඩල පවා යොදවා ඇතත් විවිධ අවශ්‍යතාවන්…

මොරටුවේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව කළුතරින්

මොරටුව වෛද්‍ය සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල මඟින් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි. සායනික පුහුණුව සඳහා රෝහල තුළ මහාචාර්ය ඒකකයක් ස්ථාපිත කිරීමටත්, ඊට අවශ්‍ය සංවර්ධන කටයුතු රෝහල තුළ සහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය කේන්ද්‍ර කර ගනිමින්…

නාඳුනන මළ සිරුරක් පාවෙන වෙළෙඳපොළේ

පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමි ජලාශයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවූ බව මරදාන පොලීසිය පවසයි. එම පුද්ගලයා වයස අවුරුදු 37ක පමණ සිතිය හැකි අයකු බව පොලීසිය සඳහන් කරයි. මළ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නොලැබෙන බව ද පොලීසිය…