Month January 2025

බැසිල්ගේ වත්කම් හොයන්න CID යට ආ විමල් කියයි

බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ රැකියාවක් නොකළ නමුත් ඔහුට අමෙරිකාවේ අසාමාන්‍ය ධනයක් තිබූ බවත් ඔහුගේ වත්කම් පිළිබඳව සොයා බැලිය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබාදීමට 03දා විමල් වීරවංශ…

දේශපාලන සදාචාරයක් වගේම මාධ්‍ය සදාචාරයකුත් රටේ නෑ-ඇමැති කේ.ඩී ලාල්කාන්ත

දේශපාලන සදාචාරයක් මෙන්ම මාධ්‍ය සදාචාරයක් ද මේ රටේ නැති බවත් හිතාමතා ඇතැම් මාධ්‍ය සිදු කරන බොරු ප්‍රචාර හේතුවෙන් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වන බවත් කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි. සදාචාරයක් නැතිව ක්‍රියාත්මක වන මාධ්‍ය…

ජීවිතාන්තය දක්වා හිරේ ගිය දුමින්ද අවුරුද්දක්ම බන්ධනාගාර රෝහලේ

වෛද්‍ය නිර්දේශ මත මේ වන විට බන්ධනාගාර රෝහලේ නේවාසිකව රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට තවදුරටත් නේවාසික ප්‍රතිකාර අවශ්‍යදැයි සොයා බැලීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසයි.…

ආනයනික සහල් මෙ.ටොන් 88,000ක් මෙරටට

මේ වන විට ආනයනික සහල් මෙට්‍රික් ටොන් 88,000ක් දිවයිනට පැමිණ තිබේ. පසුගිය 03 දින දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිෂ්කාශනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,000ක් ඉක්මවා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්…

ශිෂ්‍යත්ව උත්තර පත්‍ර ඇගැයීම යළි ඇරඹේ-විභාග කොමසාරිස් ජනරාල්

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම අනිද්දා (08) යළි ආරම්භ කරන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම 02 වැනිදා ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා “දිනමිණ“ට ඊයේ (05) පැවැසීය. උසස් පෙළ…

සරසවි සිසුන් මුහුණ ෙදන අපහසුතා අවම කිරීමට කඩිනම් පියවර-විෙදස් ණය ආධාරවලින් හරියට වැඩ කළානම් අපේ සරසවිත් කේම්බ්‍රිජ්,ඔක්ස්ෆර්ඩ් ව ෙග් තමයි: අගමැතිනි

විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙ‍ෙණවිය පැවසුවාය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමඟ ජනවාරි 02 වැනිදා පැවති සාකච්ඡාවකදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති…

ත්‍රිපෝෂ සමාගම දියුණු කර රජයේ ආයතනයක් ලෙස පවත්වාගෙන යනවා

ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක් කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත. ත්‍රිපෝෂ නිෂ්පාදන ආයතනය ඈවර කිරීමට පසුගිය ආණ්ඩුව තීන්දු කර තිබූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති…

දකුණු කළුතර දුම්රිය පීළිපැනීමක්

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය පීලිපැනීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. ඊයේ (05) රාත්‍රියේ මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කළ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත. පීලිපැනීමෙන්…

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර,…

නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති නව යුද හමුදාපති හමුවෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පසුගිය දා (2) කොළඹ පිහිටි සිය කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා හමුවිය. ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ යුද හමුදාවේ 25 වැනි යුද හමුදාපතිවරයා ලෙස වැඩ…