Month January 2025

මුල් පෙළ පිතිකරුවන්ගේ කඩා වැටීමෙන් ශ්‍රී ලංකාව පළමු එක්දින තරගය පරදී

අවිශ්ක ප්‍රනාන්දු සටන්කාමී අර්ධ ශතකයක් රැස් කළත් සෙසු මුල් පෙළ පිතිකරුවන් දැක්වූ දියාරු පිතිහරඹය හේතුවෙන් නවසීලන්තය සමඟ ඊයේ වෙලිංටන්හිදී පැවති පළමු තරගයෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක පරාජයක් අත්විය. මේ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ…

රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රලේඛයක්

විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන අන්තර් ක්‍රියා සම්බන්ධව ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙයි. අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත්…

තිසර නානායක්කාර යළි රිමාන්ඩ් කෙරේ

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොයුරු තිසර නානායක්කාර මහතා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙයි ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) එම නියෝග කර ඇත.

බදුල්ලේ රථවාහන ධාවනය පරිස්සමින්

බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින අධික මිදුමෙන් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග රැසක් ඝන මීදුමෙන් වැසී ඇති හෙයින් රථ වාහන ධාවනය කිරිමේ දී දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව රියපදවන ලෙසට පොලිසිය රථ වාහන රියදුරන්ට දැනුම් දෙයි. දිස්ත්‍රික්කයේ පවතින අධික ශීත දේශගුණික තත්ත්වයත්…

වල් වැදුණු මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය බැලීමට ඇමැති වසන්ත එක්වෙයි

භාවිතයට නොගැනීම නිසා විනාශයට පත්වෙමින් පවතින මැදවච්චිය ආර්ථික මධ්යස්ථානය නැවත ආරම්භ කිරිම පිලිබදව සොයා බැලීම සඳහා වෙළඳ , වානිජ , ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉකුත් දා එහි පැමිණියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී  සුසන්ත කුමාර නවරත්න මහතා ද…

බස් මගීන්ගේ ආරක්ෂාවට අයිතිවාසිකම් ලැයිස්තුවක්

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සදහන් කරයි. ඒ අනූව, බස් රථ සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍ර වල අඩංගු…

මහ කන්නයේ වගාහානි වන්දී ලේඛන නිකුත් කිරීම ඇරඹේ

පසුගිය නොවැම්බර් මස පැවැති ගංවතුරින් මහ කන්නයේ වගාහානි සිදුවූ දිස්ත්‍රික්ක 09ක ගොවීන්ගේ වන්දී ලේඛන සම්පූර්ණ කිරීම සහ එම ලේඛන නිකුත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි කෘෂීකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි. ඒ අනුව අම්පාර…

බැසිල්ගේ වත්කම් හොයන්න CID යට ආ විමල් කියයි

බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ රැකියාවක් නොකළ නමුත් ඔහුට අමෙරිකාවේ අසාමාන්‍ය ධනයක් තිබූ බවත් ඔහුගේ වත්කම් පිළිබඳව සොයා බැලිය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබාදීමට 03දා විමල් වීරවංශ…

දේශපාලන සදාචාරයක් වගේම මාධ්‍ය සදාචාරයකුත් රටේ නෑ-ඇමැති කේ.ඩී ලාල්කාන්ත

දේශපාලන සදාචාරයක් මෙන්ම මාධ්‍ය සදාචාරයක් ද මේ රටේ නැති බවත් හිතාමතා ඇතැම් මාධ්‍ය සිදු කරන බොරු ප්‍රචාර හේතුවෙන් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වන බවත් කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි. සදාචාරයක් නැතිව ක්‍රියාත්මක වන මාධ්‍ය…

ජීවිතාන්තය දක්වා හිරේ ගිය දුමින්ද අවුරුද්දක්ම බන්ධනාගාර රෝහලේ

වෛද්‍ය නිර්දේශ මත මේ වන විට බන්ධනාගාර රෝහලේ නේවාසිකව රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට තවදුරටත් නේවාසික ප්‍රතිකාර අවශ්‍යදැයි සොයා බැලීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසයි.…