Month January 2025

උතුරු මැද 11 ශ්‍රේණියේ සිංහල පේපරේ වට්ස්ඇප් ගෘෘප්වල-විභාගය අත්හිටුවයි

තලාව සමූහ – බී. ඩබ්.ඩී. ධර්මකීර්ති, අනුරාධපුර සංචාරක බී.ජී. චතුරංග, අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ සහ සිරිපුර – මදුශානි අබේසිංහ උතුරු මැද පළාතේ පාසල්වල ඊයේ (06) පැවැත්වීමට නියමිත අවසාන වාර පරීක්ෂණයේ 11 ශ්‍රේණියේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය…

රේගුවෙන් ඇල්ලූ වාහන 637ක් දිරලා-ගාල් කරන්න ලක්ෂ 418ක කුලියට ඉඩමකුත් අරන්

ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අඩංගුවට ගන්නා ලද වාහන 637ක් දිගු කාලයක් තිස්සේ අංගණවල ගාල්කර දිරන්නට හැරීමෙන් වෙන්දේසි කිරීමට ද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. මේ වාහනවලින් 435ක් රඳවා ඇත්තේ වාර්ෂිකව රුපියල් මිලියන 41.8ක කුලී…

ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය…

WhatsApp අලුතින්ම හදුන්වාදුන් පහසුකම මෙන්න

WhatsApp යෙදවුමේ නව යාවත්කාලීන (Update) කිරීමක් සිදු කර තිබේ. මෙම යාවත්කාලීන කිරීම හරහා WhatsApp යෙදවුමෙන් කණ්ඩායම් කතාබස් (Group Call) ඇමතුමක් ආරම්භ කරන විට, ඔබට නිශ්චිත සහභාගිවන්නන් පමණක් තෝරා ගත හැකිය. ඒ, අනුව අවශ්‍ය අය පමණක් තෝරාගෙන අනෙක් අයට බාධා නොකර…

චීන HMPV වෛරසය ඉන්දියාවට ඇතුළු වෙයි

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ. ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08ක් වයසැති බිළිඳෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ…

චීනයේ ඉන්ෆ්ලුවෙන්සාව වසංගතයක් නොවෙයි: සීත සෘතු ශ්වසන රෝග තත්ත්වයක්-චීනයෙන් – ඉන්දියාවෙන් නිවේදන

මේ වන විට ගෝලීය අවධානයට ලක්වී ඇති කොවිඩ් වයිරසයේ රෝග ලක්ෂණවලට සමානව චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින උණ හා සෙම්ප්‍රතිශ්‍යාව සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය සීත සෘතුවේ පැතිරෙන ශ්වසන රෝගයක් බව නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං සඳහන් කළ…

කසක්ස්තාන් අධිවේගී මාර්ගයේදී වාහන සියයක් එකට ගැටෙයි

අමෙරිකාවේ මිලියන 62කට බලපෑම් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අත්හිටුවයි මෙවර සීත සෘතුවේ බලපෑම් පෙර නොවූ විරූ අයුරින් වර්ධනය වී ඇතැයි ද, රටවල් රැසක හිම පතිත වීම් හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ පා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කසක්ස්තානයේ අක්මෝලා කලාපයේ…

ලොව වයස්ගතම කත මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් පොතට එක්වී සිටි ජපානයේ 116 හැවිරිදි කාන්තාව මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටොමිකෝ ඉටූකා නමැති එම කාන්තාව ජපානයේ අෂියා නුවර වැඩිහිටි සත්කාර නිවාසයකදී මෙලොව හැර ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ටොමිකෝ…

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන්-ඉන්දියාවත් එළියේ

මේ වසරේ පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට තිබූ සියුම් අවස්ථා ඊයේ ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය. සිඩ්නි ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාව විසින් ඉන්දියාව තරග 3-1ක් ලෙස පරදා ඊයේ බෝඩර් – ගවස්කාර් කුසලානය දිනා ගැනීමත් සමඟ ඔස්ට්‍රේලියාව ලෝක ටෙස්ට්…

ගෙදර යන්න පෙර ජෝ බයිඩන්ගෙන් මෙසීට‍ සම්මානයක්

ආර්ජන්ටිනාවේ හා අමෙරිකාවේ මියාමි පාපන්දු සමාජයේ අති දක්ෂ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීට‍‍ අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම සිවිල් ගෞරව සම්මානය ජනාධිපති ජෝ බයිඩන් විසින් පිරිනැමීමට තීරණය කරයි. ජනපති තනතුරෙන් ඉවත්ව යෑමට සූදානමින් සිටින ජෝ බයිඩන් පිරිනමන මේ සම්මානය පිළිගැනීමේ උත්සව අවස්ථාවට…