Month January 2025

තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීම ගැන නිවේදනයක්

විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධව මාධ්‍ය වාර්තා කිහිපයක් පළ වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය පවසයි. තානාපති කාර්යාල කිහිපයක සිදු කර තිබූ දේශපාලන පත්වීම් නව…

සීගිරියේ දී දෙස් විදෙස් සංචාරකයන් මුහුණ දෙන ගැටලු විසඳීමට සාකච්ඡාවක්

දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණි. මේ සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල,…

තැනින් තැන ගිගුරුම් සහිත වැසි

ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ක පමණ තද වැසි…

සතොස හරහා වී මිලදී ගැනීමට රජය සූදානම්

මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ වරින්වර රට තුළ සිදුවන සහල් හිඟය අවසන් කිරීමට…

වසා දැමූ කර්මාන්ත යළි අරඹා රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා-නව වසරේ අමාත්‍යාංශයේ වැඩ අරඹමින් ඇමැති සුනිල් හඳුන්නෙත්ති කියයි

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධ කරමින් මේ වසර ජාතික ඵලදායීතා වර්ෂය හැටියට නම් කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (01) නව වසර වෙනුවෙන් අමාත්‍යාංශයේ වැඩ…

විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න

විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමග ජනවාරි 02 වැනිදා පැවති සාකච්ඡාවකදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය…

පාකිස්තානය නව වසරේදී ඉන්ධන මිල ඉහළ දමයි

පාකිස්තාන රජය ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් සහ එරට ඛනිජ තෙල් අමාත්‍ය මොහොමඩ් අවුරන්ග්සාබ් අතර පැවැති සාකච්ඡාවකින් පසු එම පියවර ගත් බව පාකිස්තාන ඛනිජ…

අමෙරිකාවේ නව වසරේ සැමරුම් මැද ප්‍රහාර දෙකකින් 15ක් මරුට

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සහ ලුසියානා ප්‍රාන්තයේ සිදුවූ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් පුද්ගලයන් 45 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕලන්ස් නුවර වීදියක නව වසර සමරමින් සිටි ජනතාව අතරට…

යානා දෙකක් එකිනෙක ගැටීම අවසන් මොහොතේ වැළකෙයි

ගුවන් යානා දෙකක් ධාවන පථයේදී එකිනෙක ගැටීමේ දරුණු අනතුරක් අවසන් මොහොතේ වළක්වා ගැනීමට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළ මෙහෙයුම් පාලන මැදිරිය සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සිදුවීමට මුහුණ දී ඇත්තේ ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සහ කී ලයිම්…

ශ්‍රී ලංකාවටත් තීරණාත්මක සිඩ්නි ටෙස්ට් සටන අද ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරග බලාපොරෙත්තු තබා ගැනීම සම්බන්ධයෙන් තීරණය කෙරෙන සංචාරක ඉන්දීය පිල සහ ඔස්ට්‍රේලියාව අතර බෝඩර් – ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ 5 වැනි සහ අවසන් තරගය අද (3) සිඩ්නිහිදී ආරම්භ වෙයි. දකුණු අප්‍රිකාව සමඟ…