Month January 2025

ජනපති අනුර චීන නිල සංචාරය අරඹයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) සිට 17 වැනි දා දක්වා චීනයේ සංචාරයක නිරත වේ. එම සිවුදින සංචාරය සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා ඊයේ (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපති අනුර…

තෛපොංගල් දින සුබපැතුම් පණිවිඩ

“ක්ලීන් ශ්‍රී ලංකා” ක්‍රියාත්මක මොහොතේ තෛයිපොංගල් සැමරීම සතුටක් – ජනපති මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජයීය ප්‍රගමනය තහවුරු කිරීමට පරිවර්තනීය මුලපිරීමක් ලෙසත්,පාරිසරික මෙන්ම ආචාර ධාර්මික නව දිශාගත වීමක් ලෙසත් “ක්ලීන් ශ්‍රී ලංකාÓ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය…

කරුවලගස්වැව රෝහලේ ඖෂධ සංයෝජකයෙක් නැතුව රෝගීහූ අසරණයි

කරුවලගස්වැව අලුත්ගම ප්‍රාදේශීය රෝහලේ ඖෂධ සංයෝජකයකු වසරකට ආසන්න කාලයක් නොමැති වීමෙන් බාහිර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට වෛද්‍යවරයා පරීක්ෂා කිරීමෙන් පසු ලබා දෙන ඖෂධ තුණ්ඩුව රැගෙන රෝහලින් පිටත ඇති පෞද්ගලික ෆාමසි වෙත යාමට සිදුව ඇති බව ඔවුහු පවසති. ග්‍රාම නිලධාරි…

තෛපොංගල් කිරිබත හදන්න කෝලම් රටා මුට්ටි ඇවිත්

හින්දු බැතිමතුන් හෙට (14) තෛපොංගල් දිනය සමරන අවස්ථාව වන විට උතුරේ බොහෝ ප්‍රදේශවල නානාවිධ දේ සිදුවෙයි. තෛපොංගල් දිනයේ චාරිත්‍රවලට වඩා වාණිජත්වයට මෙම උත්සවය කෙමෙන් කෙමෙන් නැඹුරු වන බවක් අපට මේ වසරේ තෛපොංගල් සමයේ දී යාපනයේදී දක්නට ලැබුණි. යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ…

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සිව්දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ. අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්. එම්. එස්. රාජකරුණා, මේනකා විජේසුන්දර, සම්පත් බී. අබේකෝන් සහ එම්. එස්. කේ. බී. විජේරත්න මහත්ම මහත්මීහු ජනාධිපතිවරයා ඉදිරියේ…

චාමර කිව්වේ බොරු: ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ වියදම ලක්ෂ 9යි-සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

“ක්ලීන් ශ්‍රී ලංකා” සමාරම්භක වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ නවයකට වඩා සතයක්වත් රජය වැයකර නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට සිදු කරන…

බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය දින හතරකින් අවසන් කරන්න-ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ (12)…

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත්පොළොන්නරුව,මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත්වැසි වාර කිහිපයක් ඇතිවේ.…

දිස්ත්‍රික්ක 05 කට නාය යෑම් අනතුරු

දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට එලෙස නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.…

අත්තක් කඩා වැටී මියගිය මාතර බන්ධනාගාර රැඳවියන්ට වන්දි

මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටීමෙන් මියගිය රැඳවියන් සඳහා වන්දි ලබාදීමට පියවර ගෙන තිබේ. එහිදී මියගිය ගිය එක් රැඳවියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. තුවාල ලබා…