Month January 2025

ව්‍යාජ මුදල් වාර්තා හැදුවාට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම් නියෝගයක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇති මුදල් වංචා කිරීමේ නඩුවකට අදාළ දඬුවම ජනවාරි 10 වැනිදා නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරු ජුවාන් මර්චන් නියෝග කර තිබේ. ඒ ඔහු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සති දෙකකටත් අඩු කාලයකට පෙර වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් මෙම සිද්ධියට…

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය මිය යයි

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇග්නස් කෙලෙටි හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේදී පසුගිය 02 වනදා මිය ගොස් ඇති අතරමිය යන විට 103වන වියේ පසුවිය. 1952 වසරේදී පළමු ඔලිම්පික් රන්…

ශ්‍රී ලංකා පිලෙන් නව වසරට ජයග්‍රාහී ආරම්භයක්-කුසල් ජනිත්‌ෙගන් වාර්තා පිට වාර්තා

වාර්තා රැසක් බිහි කරමින් වසර 14කට පසු විස්සයි20 පිටියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ශතකයක් රැස් කළ කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් 2025 නව වසර ජයග්‍රාහීව ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි විය. නවසීලන්තය හමුවේ 3-0ක පූර්ණ පරාජයකින් ගැලවීමේ…

මෙසීගේ ශුද්ධ වත්කම කෝටි 19000ක්

ලෝක පාපන්දු කිරුළ දිනූ ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 650 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 19000ක්) පමණ වෙතැයි ගණන් බලා ඇත. ස්පාඤ්ඤ කොටස් හුවමාරුවක මෙසීගේ සමාගමට අයිති දේපළ ලැයිස්තුගත කොට ඇති අතර, එහි තරු පහේ හෝටල්…

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු ඇගයීම ඇරඹෙන දිනය මෙන්න

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 08වනදා ආරම්භ කිරීමට නියමිතව ඇත. එම කටයුතු ලබන 12වනදා දක්වා සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර එම විභාගයේ කලින් පිට වූ පළමු ප්‍රශ්න පත්‍රයේ පශ්න 3 සඳහා නිදහස්…

HMPV වෛරසය අවදානම් ද?

හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසය බිය වියයුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, චීනයේ නව ශ්වසන ආසාදන රැල්ල ශීත ඍතුවේ…

ගෑස් මිල එලෙසමයි

ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මස (ජනවාරි) ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (04) පැවසීය. ඒ අනුව පසුගිය දෙසැම්බර් මස පැවැති ලිට්‍රෝ ගෑස්…

සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක්

පාසල් ආරම්භ වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද ද සිල්වා මහතා සඳහන් කළේ, විවිධ වෛරස් කාණ්ඩයේ ශ්වසන රෝග එලෙස ව්‍යාප්තවිය හැකි බවයි. සිසුන්ගේ…

77වැනි නිදහස් දින සමරු උළෙලේ සංවිධායක කමිටුව හා අගමැතිවරිය අතර හමුවක්

2025.02.04 දිනට යෙදී ඇති 77 වන නිදහස් දිනය නිමිත්තෙන් පවත්වනු ලබන නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ජනවාරි 02වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. නිදහස් දින උළෙල සම්බන්ධ සංවිධාන කටයුතු, ආරක්ෂක වැඩපිළිවෙළ හා ඉදිරිපත් කරන…

අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් කාබනික සීනි නිෂ්පාදනයට අවධානය

ලංකා සිනී සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සිනී කම්හල් නිරීක්ෂණය චාරිකාවකට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ එක් විය. මෙම කම්හල් දෙකේ මේ වන විටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් eco tourism ප්‍රවර්ධනය කිරීමටත්, දැනට ලංකාව තුල…