Month January 2025

නව වසරට සුබ පැතුම් පණිවුඩ

අලුත් රජය යටතේ මේ වසර වඩාත් සුබ වේවි – අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමි නව වසරේ උදාව ජනතාව සමරනු ලබන්නේ අලුත් රජයක් යටතේ බලාපොරොත්තු ගොන්නක් සමඟ බවත් පවතින පසුබිම යටතේ පෙර වසරවලට වඩා මෙම වසර ශ්‍රී ලාංකයීය ජනතාවට වඩා…

භූමිතෙල් මිල රු. 5කින් පහළට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල පමණක් රුපියල් 5කින් අඩු කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183කි. සෙසු සියලු ඉන්ධන මිල ගණන් සංශෝධනයකට ලක් නොවේ.

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාරගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්කළ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ඊයේ (31) සිය ධූරයේ වැඩ භාර ගත්තේය. හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අභිනව නාවික හමුදාපතිවරයා වෙත නාවික…

වකුගඩු රෝගී දීමනාව 10,000ට නංවයි – දීමනා කප්පාදුවක් නෑ

වකුගඩු රෝගී දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වකුගඩු රෝගීන් සඳහා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසුව කප්පාදු කරන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.…

2025 පිළිගන්න වතුකරය සූදානමින්

වතුකරයේ ජනතාව 2024 වසරට සමු දී 2025 නව වසර පිළිගැනීමට උද්‍යෝගයෙන් සූදානම් වන ආකාරයක් දක්නට ලැබුණි. දේශීය වෙළෙඳපොළේ එළවළු මිල තරමක් පහළ බැස ඇති අතර, බී ලූනු, අර්තාපල් සහ පොල් මිල පසුගිය මාස කිහිපය තුළ පැවැති මිලට සාපේක්ෂව අඩු වී…

පින්නවල අලි බලන්න ඇවිත්…

මේ දිනවල පින්නවල අලි සුරතල් බැලීමට දෙස් විදෙස් සංචාරකයෝ විශාල වශයෙන් පැමිණෙති. එලෙස පින්නවල අලි නාවන අයුරු බැලීමට විදෙස් සංචාරකයන් පිරිසක් එක්ව සිටි මොහොතක්.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිට කළ දෙදෙනාට ලක්ෂ 50ක් රජයට ගෙවන්න වෙයි-මූලික අයිතිවාසිකම් කඩවුණැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු වැනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම නිසා ඇති වූ ගැටලුකාරී තත්ත්වය විසදීම සඳහා විශේෂඥ කමිටුව මඟින් සිදු කර ඇති නිර්දේශ තුන අතුරින් වඩාත් සුදුසුම යෝජනාව තෝරාගෙන වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ…

ගම්පහ සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීමට විශේෂ අවධානයක්

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් වැඩිදියුණු වෙමින් අංශ ගණනාවක්ම වැඩි වී ඇති බැවින් රෝහල් කටයුතු නිසියාකාරයෙන් පවත්වාගෙන යාම පිණිස කාර්ය මණ්ඩලය වැඩි විය යුතු බවත්, දිවයිනෙහි වැඩිම ජනගහනයක් ගම්පහ දිස්ත්‍රික්කයේ වෙසෙන නිසා මෙම දිස්ත්‍රික්කයට සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීමට විශේෂ අවධානයක් යොමුවිය යුතු…

මැදිරි ආවරණ නැති කාර්යාල දුම්රියේ මගීන්ට පීඩා

මාතර දුම්රිය ස්ථානයේ සිට ගමන් අරඹන කාර්යාල දුම්රියෙහි දුම්රිය මැදිරි කිහිපයකම මැදිරි ආවරණ නොමැතිකමින් තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව මගීහු පවසති. මේ දිනවල වැසි සහිත කාලගුණයක් දක්නට ලැබෙන බැවින් වැසි සහිත අවස්ථාවන්හි දී අසීරුතාවට පත් වන බව ඔවුහු පෙන්වා…

නව වසරේ කිරිබතට අලුත් මුට්ටියක්

නව වසරක් එළැඹෙද්දී බොදු සිරිත් විරිත් අනුව සෑම නිවෙසකම කිරි උතුරුවා කිරිබතක් පිසීම සඳහා නැවුම් වළං මුට්ටි මිලදී ගැනීම රට පුරා ජනතාවගේ පුරුද්දකි. ඒ අනුව අලුත්ගම නගරයට පැමිණි ජනතාව අද (1) දිනයේ එළැඹුණු 2025 නව වසර උදාව සැමරීමට වළං මුට්ටි…