Month January 2025

අමෙරිකාවේ නව වසරේ සැමරුම් මැද ප්‍රහාර දෙකකින් 15ක් මරුට

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සහ ලුසියානා ප්‍රාන්තයේ සිදුවූ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් පුද්ගලයන් 45 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕලන්ස් නුවර වීදියක නව වසර සමරමින් සිටි ජනතාව අතරට…

යානා දෙකක් එකිනෙක ගැටීම අවසන් මොහොතේ වැළකෙයි

ගුවන් යානා දෙකක් ධාවන පථයේදී එකිනෙක ගැටීමේ දරුණු අනතුරක් අවසන් මොහොතේ වළක්වා ගැනීමට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළ මෙහෙයුම් පාලන මැදිරිය සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සිදුවීමට මුහුණ දී ඇත්තේ ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සහ කී ලයිම්…

ශ්‍රී ලංකාවටත් තීරණාත්මක සිඩ්නි ටෙස්ට් සටන අද ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරග බලාපොරෙත්තු තබා ගැනීම සම්බන්ධයෙන් තීරණය කෙරෙන සංචාරක ඉන්දීය පිල සහ ඔස්ට්‍රේලියාව අතර බෝඩර් – ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ 5 වැනි සහ අවසන් තරගය අද (3) සිඩ්නිහිදී ආරම්භ වෙයි. දකුණු අප්‍රිකාව සමඟ…

එක්දින සටන ඉරිදා අලුයම 3.30ට ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන ඉරිදා (5) වෙලින්ටන්හිදී ආරම්භ වේ. මේ තරගය මෙරට වේලාවෙන් අලුයම 3.30ට ආරම්භ වීමට නියමිතය. මේ දෙපිල එක්දින තරග 105කදී එකිනෙකා හමුව ඇති අතර, ඉන් තරග…

පැරිස් ඔලිම්පික් පදක්කම් මාස 4කදී මලකඩ කාලා

ලොව විශාලතම තරගාවලිය වන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනැමූ පදක්කම් මාස හතරක් ඇතුළත ‘මලකඩ කන බව පවසා’ ලොව පුරා විවේචන එල්ල වෙමින් පවතියි. කිසි‍වෙකුත් අපේක්ෂා නොකළ පරිදි පැරිස් ඔලිම්පික් ක්‍රීඩා පදක්කම් දුර්වර්ණ වෙමින් පැවතීම මෙයට හේතුවවී තිබේ.…

පැට් කමින්ස් ශ්‍රී ලංකා සංචාරයට නෑ

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් සිය දෙවැනි දරුවාගේ උපත බලාපොරොත්තුවීම හේතුවෙන් මේ මස අගදී ආරම්භවන ශ්‍රී ලංකා සංචාරය මග හැරිය හැකි බවට ඊයේ ඉඟි පළ කළේය. ඔස්ට්‍රේලියාව ජනවාරි 29 සහ පෙබරවාරි 6 යන දිනවල ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා…

අනුර ජනපති වී දින 100ක් වෙනුවෙන් වීඩියෝවක්

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට තේරී පත්වී දින 100ක් පිරීම නිමිත්තෙන් වීඩියෝවක් නිකුත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති වීඩියෝව නම් කර ඇත්තේ ‘සියක්වසක් උදෙසා දවස් සියයක්’ යනුවෙනි. 2024 සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයා…

චීනයේ පැතිරෙන වෛරස තත්වය ගැන විශේෂ නිවේදනයක්

චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අද (03) දිනයේදී මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලැබුණු බවත් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමට කටයුතු කරන බවත් වසංගත…

දේශපාලන පත්වීම් ලැබූ තානාපතිවරු හා මහ කොමසාරිස්වරු යළි කැඳවයි

ඉකුත් සමයේ දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහ කොමසාරිස්වරුන් 18 දෙ‌නෙකු මේ වනවිට යළි දිවයිනට කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, විදේශ සේවය කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් බවට පත්…

කෙහෙළියගේ පවුලේ සාමාජිකයන්ට පැනවූ තහනමක් දීර්ඝ කරයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස 3ක් දීර්ඝ කිරීමට අද (03) නියෝග කළේය. ඒ කොළඹ මහාධිකරණය විසිනි. අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට…