වී අලෙවි මණ්ඩ­ලය කඩි­න­මින් සක්‍රීය කිරී­මට පිය­වර ගන්නවා-ඇමැති කේ. ඩී. ලාල්කාන්ත

වී අලෙවි මණ්ඩ­ලය හොර ගුහා­වක් ලෙස මෑත කාලයේ මත­යක් ගොඩ­නැ­ඟුණු බවත්, ඒ මතය පරාද කිරී­මට එහි සභා­ප­ති­ව­රයා ප්‍රමඛ කාර්ය මණ්ඩ­ල­යට හැකි­වනු ඇති බව තමන් විශ්වාස කරන බවත් කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි­මාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැ­සීය.

ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සුවේ පෙරේදා (29) වී අලෙවි මණ්ඩ­ලයේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“එවැනි මත­යක් ජන­තාව අතර ගොඩ­නැ­ඟී­මට ප්‍රධාන හේතු වූයේ පසු­ගිය කාලයේ පැවැති දේශ­පා­ලන තත්ත්ව­යන්. එයට වී අලෙවි මණ්ඩ­ලයේ සේවක සේවි­කා­වන්ට පම­ණක් දොස් නැඟීම යුක්ති සහ­ගත නෑ. වී මෝල් පම­ණක් නොව වී ගබඩා කරන සිය­ලුම පාර්ශ්ව ලියා­ප­දිංචි විය යුතු බවට නියෝග නිකුත් කර තිබෙ­නවා. පව­තින පනත අනුව වී ගබඩා පව­ත්වා­ගෙන යන්නන් ලියා­ප­දිං­චිය මෙතෙක් නොක­ළත් කෘෂි­කර්ම ඇමැ­ති­ව­රයා වශ­යෙන් මා ඔවුන්ගේ ලියා­ප­දිං­චිය අනි­වා­ර්ය­යෙන්ම සිදු කළ යුතු බවට නියෝග කළා.

වී අලෙවි මණ්ඩ­ලය හොර ගුහා­වක් යනු­වෙන් මෑත කාලයේ ජන­තාව අතර මත­යක් ගොඩ­නැඟී තිබෙ­නවා. එයට මේ ආය­ත­නයේ වැඩ කරන අය පම­ණක් වග­කි­ව­යුතු නෑ. පැවැති දේශ­පා­ල­නය මේ සඳහා මුළු­ම­නින්ම වග­කි­ව­යු­තුයි. වී අලෙවි මණ්ඩ­ලයේ නව සභා­ප­ති­ව­රයා ප්‍රමඛ නිල­ධාරී මණ්ඩ­ලය, සේවක සේවි­කා­වන් සමඟ එක්ව මේ මතය පරාද කරනු ඇතැයි මා විශ්වාස කර­නවා. ගොවියා සහ පාරි­භෝ­ගි­කයා යන දෙදෙනා ගැනම අපට වග­කී­මක් තිබෙ­නවා. දැනට සහල් සඳහා පාලන මිලක් තිබෙ­නවා. නමුත් වී සඳහා සහ­තික මිලක් දැන්ම පන­ව­න්නට අපට අද­හ­සක් නෑ. ව්‍යාපා­රි­ක­යන්ට වී කිලෝ­වක් රුපි­යල් 120ක් 130ක් වැනි මිල­කට ගොවී­න්ගෙන් ගැනී­මට කිසිදු තහ­න­මක් නෑ. තෙත වී එක ඇට­ය­ක්වත් රජ­යට නොදෙන බවත්, ඒවා පෞද්ග­ලික අංශ­යට දෙන බවත් එක ගොවි නාය­ක­යෙක් ප්‍රකාශ කර තිබුණා. අපට තෙත වී එපා. වී අලෙවි මණ්ඩ­ල­යට තෙත වී මිලදී ගැනී­මට හැකි­යා­වක් නෑ. අව­ශ්‍යත් නෑ. අපට බල­තල තිබෙන්නේ ප්‍රමි­ති­ගත වී මිලදී ගැනී­ම­ටයි. වී මිල සම්බ­න්ධ­යෙන් දැනට ප්‍රශ්න­යක් නෑ. නමුත් තව දින කිහි­ප­ය­කින් ඒ ප්‍රශ්නය උද්ගත වේවි. එවිට වී අලෙවි මණ්ඩ­ලය ඒ සඳහා මැදි­හත් වෙනවා. ඒ වී මිලදී ගැනීම් වෙනු­වෙන් ගබඩා සූදා­නම් කළ යුතුයි. වී සහ­තික මිල ප්‍රකා­ශ­යට පත් කළ යුතුයි. වී අලෙවි මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා පව­සන්නේ ඒ සඳහා සූදා­නම් බවයි. මෙතෙක් සිදු වූයේ වී මිලදී ගැනී­මට වී අලෙවි මණ්ඩ­ලයේ මාගල අකුලා දමා පෞද්ග­ලික අංශයේ මාගල දිග හැරී­මයි. දැන් අප සූදා­නම් වන්නේ පෞද්ග­ලික අංශයේ මාගල අකුලා දමා වී අලෙවි මණ්ඩ­ලයේ මාගල දිග හැරී­ම­ටයි. එයින් මා අද­හස් කරන්නේ නෑ පෞද්ග­ලික අංශය වී මිලදී ගැනීමේ කට­යුතු සඳහා අන­ව­ශ්‍යයි කියලා. පෞද්ග­ලික අංශ­යත් මේ සඳහා තිබිය යුතුයි. ඒත් අපේ අර­මුණ වන්නේ වී අලෙවි මණ්ඩ­ලය නමැති තර­ග­කාරී ආය­ත­නය බිහි­කි­රී­මයි. පසු­ගිය රජ­යන් සමයේ අක්‍රී­යව පැවැති වී අලෙවි මණ්ඩ­ලය යළිත් සක්‍රිය තත්ත්ව­යට ගෙන ඒමට අවශ්‍ය පිය­වර කඩි­න­මින් අප ක්‍රියා­ත්මක කර­මින් සිටි­නවා.”