වනිඳු හසරංගගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් ඩුබායිහිදී පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගයෙන් ගල්ෆ් ජයන්ට්ස් පිල පරදවා කඩුලු 5ක ජයක් හිමි කර ගැනීමට ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සමත් විය.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගල්ෆ් පිල ලකුණු 129කින් නතර කළ වයිපර්ස් ක්‍රීඩකයෝ ඕවර 19කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමිනි. කණ්ඩායම් 6ක් එක්ව සිටින තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ (14) පසුවන වයිපර්ස් පිල අත්කරගත් 7 වැනි ජය මෙයයි.
වයිපර්ස් පිල වෙනුවෙන් මැක්ස් හෝල්ඩන් නොදැවී ලකුණු 70ක් රැස් කළ අතර පන්දු යැවීමේදී බ්ලෙසින් මුසරබානි කඩුලු 3ක් දවා ගත්තේය.
ටොම් කරන් නොදැවී ලකුණු 64ක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් ගල්ෆ් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, දක්ෂ පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග කඩුලු 3ක් බිඳ දැම්මේ ඕවර 4කදී ලකුණු 10ක් පමණක් දෙමිනි. ඔහු තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනාගත් අතර, සෑම් කරන් ද කඩුලු 3ක් දවා ගත්තේය.