ලීග් රග්බි පිටියේ උණු­සුම් තරග පෙළක් අදින් ඇර­ඹෙයි

අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තර­ගා­ව­ලියේ අට­වැනි සති අන්තයේ තරග අද (31) ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමා­ජය සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමා­ජය අතර වැලි­ස­රදී පැවැ­ත්වෙන තර­ග­යෙන් ආරම්භ කෙරේ. ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමා­ජය හමුවේ පසු­ගිය සති අන්ත­යේදී පරා­ජ­යට පත්වූ නාවික හමුදා පිල වෙතින් අද තර­ගයේ ජය­ග්‍ර­හ­ණය අපේ­ක්ෂා­වෙන් යුද හමුදා ක්‍රීඩ­ක­යන්ට ප්‍රබල තර්ජ­න­යක් එල්ල කරනු ඇත. ජය­ග්‍රාහී මාන­සි­ක­ත්ව­ය­කින් යුතුව පසු­වන ශ්‍රී ලයන්ස් පිල පසු­ගිය සති­යේදී නිත්ත­වෙල පැවති තර­ග­යෙන් මහ­නු­වර පිල හමුවේ දැවැන්ත පරා­ජ­යක් අත්ක­ර­ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමා­ජය සමඟ හෙට (1) රත්ම­ලා­නේදී තරග වැදී­මට නිය­මි­තය.

හැව්ලොක් ක්‍රීඩා සමා­ජය සහ වත්මන් ලීග් ශූර සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමා­ජය අතර තර­ග­යත්, මහ­නු­වර ක්‍රීඩා සමා­ජය සහ පොලිස් ක්‍රීඩා සමා­ජය අතර තර­ග­යත් මෙවර සති අන්තයේ උණු­සුම් කර­මින් ලබන ඉරිදා (2) පැවැ­ත්වෙන අතර, එය ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගැනීමේ සට­නක් බවට ද පත් වී තිබේ. පසු­ගිය සති අන්ත­යේදී පොලිස් පිල පරා­ජ­යට පත් කිරී­මට සීආර් පිල සමත් වූ අතර, සීඑච් පිල පරා­ජය කිරී­මට හැව්ලොක් පිල සමත් විය.