මධ්‍යම පළාත් ආණ්ඩු­කාරවරයා කැන­ඩාවේ ද: ආසි­යානු කාර්යාංශ අධක්ෂ ජන­රාල් හමුවෙයි

මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය එස්.බී.එස්. අභ­ය­කෝන් මහතා සහ කැනඩා රජයේ, දකුණු ආසි­යානු කාර්යාං­ශයේ අධ්‍යක්ෂ ජන­රාල් මාරි ලුවිස් හන්නන් මහ­ත්මිය අතර හමු­වක් මහ­නු­වර ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී පසු­ගි­යදා (24) පැවැ­ත්විණි.

මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩු­කා­ර­ව­රයා සහ සහ කැනඩා රජයේ, දකුණු ආසි­යානු කාර්යාං­ශයේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රිය අතර දෙ‍රටේ රාජ­තා­න්ත්‍රික කට­යුතු, වර්ත­මාන රජයේ සමාජ, ආර්ථික වැඩ­පි­ළි­වෙළ සහ මධ්‍යම පළාතේ ක්‍රියා­ත්මක කරන සැල­සුම් සහිත ව්‍යාපෘති සම්බ­න්ධ­යෙන් සාක­ච්ඡා­වක් සිදු කෙරිණි. මේ හමුව සංකේ­ත­වත් කර­මින් මධ්‍යම පළාත් ආණ්ඩු­කා­ර­ව­රයා විසින් දකුණු ආසි­යානු කාර්යාංශ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රිය වෙත සමරු සිහි­ව­ට­න­යක් ද පිරි­නැ­මීය. මධ්‍යම පළාත් ආණ්ඩු­කාර ලේකම් මංජුලා මඩ­හා­පොල මහ­ත්මිය ද මේ අව­ස්ථා­වට එක්වූ­වාය.