බෙලිහුල්ඔය යළි සක්‍රීය වෙයි

බෙලිහුල්ඔය   ඉහළ  ජල  පෝෂක  ප්‍රදේශයට  ඊයේ (30) දා‍‍  සවස ඇඳ  හැලුණු  අධික  වර්ෂාවත්  සමග  බෙලිහුල්ඔය  පහළ  කොටස   යලිත්  සක්‍රිය  වි  තිබෙයි.
කොළඹ  බදුල්ල  ප්‍රධාන  මාර්ගයේ බෙලිහුල්ඔය  හරහා  ඇති  පාලම  අසල  ප්‍රදේශයෙන්  බෙලිහුල්ඔයේ  විශාල  ජල  ධාරාවක්  ගලා යන ආකාරය දක්නට ලැබෙයි.

ඉකුත්  දිනවල  පැවැති   වියළි කාලගුණික  තත්ත්වයත්  සමග  බෙලිහුල්ඔයේ  ජල  මටිටම  පහත  බැස  තිබිණි.