පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආශ්‍රිතව පවතින නීති විරෝධී ක්‍රියා පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබාගන්නා බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.පුල්මුඩේ ලංකා ඛනිජ වැලි සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා (29) එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.එහිදී ඛනිජ වැලි සමාගම් පරිශ්‍රයේ නිෂ්පාදන කටයුතු කරන ආකාරය සොයා බැලූ ඇමැතිවරයා ඒ කටයුතු වඩාත් කාර්යක්ෂමව කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඛනිජ වැලි කැණීම් බලපත්‍ර ලබා ගැනීම,ගැනුම්කරුවන් සොයා ගැනීම, සේවක ගැටලු වැනි මේ වන විට ඛනිජ වැලි සමාගම මුහුණ දෙන ගැටලු පිළිබඳව නිලධාරීන් හා සේවකයන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ ඇමැතිවරයා, ඒ ගැටලු ඉතා ඉක්මනින් විසඳාගෙන අගය එකතු කිරීම් සහිතව මේ වටිනා සම්පත ලංකා ආර්ථිකයට වඩාත් ඵලදායි අන්දමින් යොදාගැනීම ගැන අවධාරණය කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.
ඛනිජ වැලි සංස්ථාව නිරීක්ෂණය කළා.හුඟක් ප්‍රශ්නවලට විසඳුම් සොයා ගත්තා.මේ ආයතනය රටේ ආර්ථිකය දියුණු කරන්න විශාල දායකත්වයක් සැපයිය හැකි ආයතනයක්.අගය එකතු කිරීමේ ක්‍රියාවලිය හරහා ස්වභාවික සම්පතක් වන ඛනිජ වැලි නිෂ්පාදන බවට පත්කර ගන්න ඕනෑ. ලෝකයේ ලොකුම ඉල්ලුමක් අපට තිබෙනවා.අපේ ඛනිජ වැලි ලබා ගැනීමට පහසුයි.ලෝකයේ වෙනත් රටවල්වලට සාපේක්ෂව අපට ඒ පහසුව තිබෙනවා.අඩු වියදමකින් අපට ඛනිජ වැලි ලබා ගත හැකියි.මේ නිෂ්පාදනවලට තවදුරටත් තාක්ෂණය එකතු කරන්න ඕනෑ.නිෂ්පාදනය කරන ඉල්මනයිට්, ෆ්ලූටයිල්, සර්කෝන්, මොනොක්සයිඩ්, ටයිටේනියම් මට්ටමට ගෙනියන්න පුළුවන් දේවල් තිබෙනවා.එය ලෝකේ වෙළෙඳපොළට හරියට ඉදිරිපත් කරන ප්‍රශ්නයක් අපට තිබෙන්නේ.ඒ සඳහා ක්‍රියාමාර්ග අපි සාකච්ඡා කළා.පසුගිය කාලයේ මේ ආයතනයට විවිධ ක්‍රමවලට සේවකයන් බඳවාගෙන තිබෙනවා.සුදුසුකම් අනුව නොවෙයි තාවකාලිකව දින පදනමට දේශපාලනිකව බඳවා ගත් අය ඉන්නවා.මේ කිසිම සේවකයෙක් ඉවත් කරන්නේ නැහැ.ඔවුන්ගේ සේවය ආයතනයට ගන්නවා. ඔවුන් හැම කෙනෙකුටම ඉලක්කයක් ලබා දෙනවා.ආදායම වැඩි කර ගන්න අපි දැනට සාකච්ඡා කරමින් සිටිනවා.දැනට ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ තුන්දහසක් ගබඩා ධාරිතාව ඉක්මවා ගිහින්.ඒ නිසා ඉතා ඉක්මනින් ජාත්‍යන්තර ඉල්ලුම්කරුවන් කැඳවා විනිවිදභාවයක් සහිතව ඒවා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබෙන මේ ආයතනයට බලපත්‍ර ලබා ගැනීමේ ගැටලුවක් තිබුණා.පෞද්ගලික ඉල්ලුම්කරුවන්ට බලපත්‍ර දී රජයේ ආයතනයට බලපත්‍ර දීමේ ගැටලුවක් තිබුණා.මේ ආයතනය දුර්වල කිරීමේ දේශපාලනික වුවමනාව අනුව මේ ආයතනය පාඩු ලබන ආයතනයක් විදියට පෙන්නා විකුණා දාන්නයි එදා අවශ්‍යතාව තිබුණේ.අද මේ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට ආදායම් පෙන්නන්න සමත් වෙලා තිබෙනවා.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන,ලංකා ඛනිජ වැලි සමාගමේ සාමාන්‍යාධිකාරි සුසන්ත ජයතිලක,කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන්,රාජ්‍ය නිලධාරීන්,ලංකා ඛනිජ වැලි සමාගමේ සේවකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.