ඩෙංගු වසං­ග­ත­යක් වන ලකුණු-සෞඛ්‍ය, කීට විද්‍යා නිල­ධාරින්ගේ සංග­මයේ සභා­පති

ඩෙංගු රෝගය වසං­ගත තත්ත්ව­යක් දක්වා වැඩි වීමේ අව­දා­න­මක් පව­තින බව සෞඛ්‍ය, කීට විද්‍යා නිල­ධා­රින්ගේ සංග­මයේ සභා­පති නජිත් සුම­න­සේන මහතා ඊයේ (30) පැව­සීය.

ඩෙංගු මදුරු ඝන­ත්වය මනින බිටෝ දර්ශ­කය 15ත් 20ත් අතර පව­තින බවත් එය වසං­ගත තත්ත්ව­යක් පෙන්නුම් කරන තත්ත්ව­යක් බවත් ඒ මහතා පැව­සු­වේය.

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ ඇස්ත­මේ­න්තු­වට අනුව මෙම බිටෝ දර්ශ­කය පැව­තිය යුත්තේ ඒකක 2ක අග­ය­කින් යුක්තව බවත් නමුත් ශ්‍රී ලංකාව මෙම දර්ශ­කය 5ට වත් තබා­ගැ­නීම වැද­ගත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඩෙංගු රෝගය වසං­ගත තත්ත්ව­යක් දක්වා ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා විවිධ වැඩ­ස­ට­හන් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මට්ට­මින් ක්‍රියා­ත්මක කර ඇතැයි ද ඒ මහතා පැව­සීය.

මේ දින­යන්හි පරි­ස­රයේ පව­තින අඳුරු පැහැති ස්වභා­ව­යත් සමඟ ඩෙංගු මදු­රුවා ගැව­සෙන වෙලාවේ වෙන­සක් සිදු විය හැකි බවත් එය හැම­දා­ටම පව­තින තත්ත්ව­යක් නොවන අතර, පරි­ස­රයේ පව­තින කාල­ගු­ණික ස්වභා­වය අනුව වෙනස් වන බවත් ඒ මහතා පැව­සු­වේය.

ඩෙංගු වයි­රස් කාණ්ඩ දෙක ආසා­දිත පුද්ග­ල­යන් වාර්තා වීම සාමාන්‍ය පරිදි සිදු වන බවත් මදු­රු­වන්ට බෝ විය නොහැකි ලෙස පරි­ස­රය පිරි­සු­දුව පවත්වා ගන්නේ නම් ආසා­දි­ත­යන් වාර්තා වීම අවම කර ගත හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ වසරේ ගත වූ දින 28 තුළ දී ඩෙංගු ආසා­දි­ත­යන් 4499ක් වාර්තා වී ඇති අතර, මරණ 2ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒක­කය සඳ­හන් කරයි.