ජාතික බීච් වොලි­බෝල් ශූර­තා­ව­ලිය අද ඇරඹේ

ශ්‍රී ලංකා වොලි­බෝල් සම්මේ­ල­නයේ අධී­ක්ෂ­ණය යටතේ ජාතික බීච් වොලි­බෝල් කොමි­සම විසින් ‘සන්ක්වික්’ පූර්ණ අනු­ග්‍ර­හ­ක­ත්වය යටතේ සංවි­ධාන කරන ‘සන්ක්වික් ජාතික බීච් වොලි­බෝල් ශූර­තා­ව­ලිය’ අද (31) මීග­මුව වෙරළ උද්‍යා­න­යේදී ආරම්භ වේ.

තෙදි­නක් පුරා ක්‍රියා­ත්මක තර­ගා­ව­ලිය ද විවෘත සහ වයස් කාණ්ඩ ලෙස කාන්තා හා ඉසව් 8කින් සම­න්වි­තව පැවැ­ත්වෙන අතර, මෙවර තර­ගා­ව­ලි­යේදී වයස් කාණ්ඩ­වල සීමා වෙනස් කිරී­මට සංවි­ධා­ය­කයෝ කට­යුතු යොදා තිබේ.

අව­සන් වරට පැවති තර­ගා­ව­ලි­යේදී අවු­රුදු 22, 19 සහ 16න් පහළ පිරිමි සහ කාන්තා ලෙස වයස් කාණ්ඩ තරග පැවති අතර, මෙවර එය අවු­රුදු 25, 21 සහ 18න් පහළ ලෙස පැවැ­ත්වෙනු ඇත.

විශේ­ෂ­යෙන් ග්‍රාමීය හා නාග­රික පාසල් කේන්ද්‍ර කර­මින් බීච් වොලි­බෝල් ක්‍රීඩාවේ නිරත දක්ෂ දරු දැරි­යන් දිරි ගන්ව­මින් ක්‍රීඩාව ජාතික හා ජාත්‍ය­න්තර තල­යට ඔසවා තැබීම ශ්‍රී ලංකා වොලි­බෝල් සම්මේ­ල­නයේ මෙන්ම අනු­ග්‍රා­හක සන්ක්වික් ආය­ත­නයේ ද අර­මු­ණවී තිබේ. පසු­ගිය වසර කිහි­පය තිස්සේ මේ තර­ගා­ව­ලි­යෙන් ශ්‍රී ලංකා බීච් වොලි­බෝල් ක්ෂේත්‍ර­යට දක්ෂ වොලි­බෝල් ක්‍රීඩ­ක­යක් රැසක් හඳු­න්වා­දී­මට ද හැකි­යාව ලැබී තිබේ.

අව­සන් වරට පැවති තර­ගා­ව­ලි­යට වාර්තා­ගත ලෙස කණ්ඩා­යම් 225කට අධික සංඛ්‍යා­වක් එක්වූ අතර, මෙවර තර­ගා­ව­ලි­යට පාසල් නියෝ­ජ­නය කර­මින් එක්වන කණ්ඩා­යම් සංඛ්‍යාව 160 ඉක්ම­වනු ඇතැයි සංවි­ධා­ය­ක­යන්ගේ අපේ­ක්ෂාව වී තිබේ.

තර­ගා­ව­ලි­යට එක්වන කණ්ඩා­යම් තර­ගා­ව­ලිය ආරම්භ කිරී­මට මිනිත්තු 45කට පෙර සංවි­ධාන කමි­ටුව වෙත වාර්තා කළ යුතු අතර, ප්‍රමාද වී පැමි­ණෙන කණ්ඩා­යම් තර­ගා­ව­ලි­යෙන් ඉවත් කිරී­මට සිදු­වන ඇතැයි එම කමි­ටුව පව­සයි.

අව­සන් වරට පැවති තර­ගා­ව­ලි­යේදී පිරිමි සහ කාන්තා විවෘත ශූරතා ද්විත්ව­යම ගුවන් හමු­දාව දිනා­ගත් අතර, වයස් කාණ්ඩ ශූරතා හුංගම විජ­යබා, ගිරි­උල්ල මහ­මේ­රුව ලෙයි­සුර්, ගිරි­උල්ල බිටු­ලින්ක්, හලා­වත සාන්ත මේරි සහ නාත්ත­න්ඩිය ජනා­ධි­පති විදු­හල් කණ්ඩා­යම් දිනා ගත්තේය.