18ට අඩු අයට සමාජ මාධ්‍ය තහ­නම් කරන්න-විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ සංග­මය ඉල්ලයි

ලෝකයේ ඇතැම් රට­වල සිදු කර ඇති ආකා­ර­යට වයස අවු­රුදු 18ට අඩු දරු­වන්ට සමාජ මාධ්‍ය භාවි­තය තහ­නම් කිරීමේ හෝ සීමා කිරීමේ නීති­යක් ගෙන ඒමට ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් දැනු­ම්වත් කරන බව ශ්‍රී ලංකා ප්‍රජා විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ සංග­මයේ සභා­පති විශේ­ෂඥ වෛද්‍ය කපිල ජය­රත්න මහතා පැව­සීය.

නිල නොවන දත්ත­ව­ලට අනුව පසු­ගිය වසරේ දී වයස අවු­රුදු 18ට අඩු දරු­වන් 200කට ආසන්න සංඛ්‍යා­වක් සිය­දිවි නසා­ගෙන ඇති බවට වාර්තා වන බවත්, මෙම සිය­දිවි නසා ගැනී­ම්ව­ලට සමාජ මාධ්‍ය භාවි­තය හේතු­වක් විය හැකි බවත් පැවසූ ඒ මහතා මේ නිසා ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් දැනු­ම්වත් කිරී­මට තීර­ණය කළ බවත් කීවේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රව­ණා­ගා­රයේ පැවති මාධ්‍ය හමු­වට සහ­භාගී වෙමින් ඒ මහතා මේ බව ඊයේ (30) ප්‍රකාශ කළේය. වස­ර­කට 313,000ක් පමණ මෙරට කාන්තා­වන් ගර්භි­ණී­භා­ව­යට පත් වන අතර ඉන් 250,000ක පමණ සජීවී දරු උපත් සිදු වුවත් ඔවුන් සියලු දෙනා නීරෝගි වැඩි­හි­ටි­යන් නොවන බව ද ඒ මහතා පැව­සු­වේය.

අවු­රුදු 5ට අඩු දරු­වන් 3300ක් පමණ විවිධ හේතූන් නිසා වාර්ෂි­කව මර­ණ­යට පත් වන බවත් මෙරට දරු­ව­න්ගෙන් 30%ක් පමණ ස්ථූල­තා­වෙන් පෙළෙන බවත් ඒ මහතා පැව­සීය.

මළ දරු උපත් වළක්වා ගැනීම සඳහා වන කොළඹ ප්‍රකා­ශ­නය බලා­ත්මක කිරී­මට ප්‍රජා වෛද්‍ය විශේ­ෂ­ඥ­ව­රුන් එක්ව කට­යුතු කරන බව වෛද්‍ය කපිල ජය­රත්න මහතා පැව­සීය.

කොළඹ ප්‍රකා­ශ­නය බලා­ත්මක කිරී­මෙන් මාරා­න්තික උපත් ආබාධ සහිත කලල ගබ්සා කිරී­මට හැකි වන බවත් මෙම ප්‍රකා­ශ­නය බලා­ත්මක කිරී­මට වසර 20ක පමණ සිට උත්සාහ දැරු­වත් මෙතෙක් එය කර ගැනී­මට නොහැ­කිව ඇති බවත් ඒ මහතා පැව­සු­වේය.