වායු දූෂණ තත්ත්වය සාමාන්‍ය අතට

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැවති වායු දූෂණ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි සංවිධානය පවසයි.

එහි පරිසර අංශයේ අධ්‍යක්‍ෂක සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ පසුගිය වර්ෂවලදීද ඊසාන දිග මෝසම් වැසි කාලය තුළ වායු දූෂණ තත්ත්වය එලෙස පැවති බවයි.

ශ්‍රී ලංකාවේ වායු දූෂණ තත්ත්ව දර්ශකයට අනුව සියයට අඩු මට්ටමක් ඇතැම් ප්‍රදේශවල 50ට අඩු මට්ටමක් සහ 50ත් 100ත් අතර වැයු මට්ටමක් පතිනු ඇතැ යි විශ්වාස කෙරේ. ඒ අනුව මේ වන විට වායු දූෂණ තත්ත්වය පහව ගොස් ඇතැයි සරත් ප්‍රේමසිරි මහතා සදහන් කරයි.

පහුගි ය කාලය තුළ දී ද ඊසාන දිග මෝසම් කාලය තුළ මෙලෙස විටින් විට වායු දූෂණ තත්ත්වයන් ඇතිව තිබෙන බව සරත් ප්‍රේමසිරි මහතා සදහන් කළේය.