වනිඳු වයි­පර්ස් දින­වයි

වනිඳු හස­රං­ගගේ දක්ෂ පන්දු යැවීම හේතු­වෙන් ඩුබා­යි­හිදී පැවැ­ත්වෙන ජාත්‍ය­න්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ 24 වැනි තර­ග­යෙන් ගල්ෆ් ජයන්ට්ස් පිල පර­දවා කඩුලු 5ක ජයක් හිමි කර ගැනී­මට ඩෙසර්ට් වයි­පර්ස් කණ්ඩා­යම සමත් විය.

ඩුබායි ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ග­යේදී පළ­මුව පන්දු­වට පහර දුන් ගල්ෆ් පිල ලකුණු 129කින් නතර කළ වයි­පර්ස් ක්‍රීඩ­කයෝ ඕවර 19කදී ජය තහ­වුරු කර ගත්තේ කඩුලු 5ක් පම­ණක් අහිමි කර ගනි­මිනි. කණ්ඩා­යම් 6ක් එක්ව සිටින තර­ගා­ව­ලියේ ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණේ (14) පසු­වන වයි­පර්ස් පිල අත්ක­ර­ගත් 7 වැනි ජය මෙයයි.

වයි­පර්ස් පිල වෙනු­වෙන් මැක්ස් හෝල්ඩන් නොදැවී ලකුණු 70ක් රැස් කළ අතර පන්දු යැවී­මේදී බ්ලෙසින් මුස­ර­බානි කඩුලු 3ක් දවා ගත්තේය.

ටොම් කරන් නොදැවී ලකුණු 64ක් රැස් කර­මින් පළ­මුව පන්දු­වට පහර දුන් ගල්ෆ් ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ අතර, දක්ෂ පන්දු යැවී­මක නිර­තවූ වනිඳු හස­රංග කඩුලු 3ක් බිඳ දැම්මේ ඕවර 4කදී ලකුණු 10ක් පම­ණක් දෙමිනි. ඔහු තර­ගයේ වීරයා ලෙස ද සම්මාන දිනා­ගත් අතර, සෑම් කරන් ද කඩුලු 3ක් දවා ගත්තේය.