අත්‍යවශ්‍ය ආහාර වර්ග 5ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන ඇති අතර, ඊයේ (30) සිට නව මිල ගණන් ක්‍රියාත්මක වේ.
ඒ අනුව රුපියල් 230කට පැවැති ආනයනික ලොකු ලූනු කිලෝවක මිල රුපියල් දහයකින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 220ක් වේ. රුපියල් 175ට පැවති පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කර තිබෙන අතර ඒ අනුව නව මිල රුපියල් 165ක් වේ.
රුපියල් 240ට පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235ක් ලෙස සංශෝධනය කර තිබේ.
එමෙන්ම රුපියල් 288ට පැවති රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 285ට ද, රුපියල් 210ට පැවති ආනයනික රතු කැකුළු කිලෝවක මිල රුපියල් 209ක් ලෙසද මිල අඩු කර ඇත. මෙම සහනය ඊයේ (30) සිට දිවයින පුරා සතොස අලෙවිසල්වලින් ලබාගත හැකි බව සතොස නිකුත් කළ නිවේදනය දක්වා ඇත.