රුපියල් කෝටි 47.2ක් වැය කර මහින්ද රාජපක්ෂලා නිවෙස අලුත්වැඩියා කර තිබෙන බව ප්‍රවාහන, මහා මාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතා පැවසීය.
නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිරීක්ෂණ චාරිකාවෙන් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ, මෙතරම් මුදලක් වැය කර ගෙයක් අලුත්වැඩියා කිරීමට පුළුවන් කාටදැයි සිතා බලන ලෙසය.
“මේවා තමයි ලංකාව බංකොලොත් වීමට බලපෑ හේතු වෙන්නෙ. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට ව්‍යාවස්ථාව වෙනස් නොකර කරන්න පුළුවන් දේවල් ටික අපි කරනවා.
ව්‍යවස්ථාව සංශෝධනය නොකර කරන්න පුළුවන් විදිහ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය මඟපෙන්වලා තිබෙනවා. නාමල් වගේ ගොඩ පෙරකදෝරුවන්ගෙන් අපි උපදෙස් ගන්නේ නැහැ.
නාමල්ට කියනවා තාත්තා බලාගන්න කියලා. අපි ගෙවල් ටික ගන්නවා. නැත්නම් රුපියල් 33,000ක් දෙනවා. දැන් ඒවා ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. අපි කියන්නේ ලජ්ජා නැතිව යන්න කියලා තමයි. මහින්දට වගේම චන්ද්‍රිකාටත් යන්න කියලා තමයි අපි කියන්නේ” යැයි ද හෙතෙම කීවේය.