මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ කැනඩා රජයේ, දකුණු ආසියානු කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් මාරි ලුවිස් හන්නන් මහත්මිය අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා (24) පැවැත්විණි.
මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ සහ කැනඩා රජයේ, දකුණු ආසියානු කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරිය අතර දෙරටේ රාජතාන්ත්‍රික කටයුතු, වර්තමාන රජයේ සමාජ, ආර්ථික වැඩපිළිවෙළ සහ මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කරන සැලසුම් සහිත ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කෙරිණි. මේ හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් දකුණු ආසියානු කාර්යාංශ අධ්යක්ෂ ජනරාල්වරිය වෙත සමරු සිහිවටනයක් ද පිරිනැමීය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල මහත්මිය ද මේ අවස්ථාවට එක්වූවාය.